Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2020 January 14
පොලිසියට සමාන ජිප් රථයකින් පැමිණ තමන් කොළඹ වලාන දුෂණ මර්ධන එකකයේ පොලිස් නිළධාරින් යැයි පවසමින් හබරණ පිහිටි සම්භාන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු (12) දින පස්වරුවේ පැහැරගෙන යැමේදි ඉන් එක් කාන්තාවක් බේරි පැමිණ හබරණ පොලිසියට කල පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වු පොලිසිය සිගිරිය ප්‍රදේශයෙදි නිවසක සැඟවී සිටියදි පැහැර ගත් කාන්තාවත් එම ජිප් රථය සහ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය සඳහන් කළා.
මෙසේ පැහැර ගැනිමට ලක්ව ඇත්තේ හබරණ පොලිස් වසමේ දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි වයස අවුරුදු 33 සහ 34 කාන්තාවන් දෙදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය විසින් කල විමර්ශන අනුව මෙම කාන්තාවන් දෙදෙනා හබරණ නගරයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයක කලක පටන් සේවය කරමින් සිට තිබෙනවා.
(12) දින පස්වරුවේ දි එම ස්ථානයට එක්වරම ජිප් රථයකින් තිදෙනෙකු පැමිණ ඇති අතර පසුව එම පුද්ගලයින් පවසා ඇත්තේ තමන් කොළඹ වලාන දුෂණ මර්ධන එකකයේ පොලිස් නිළධාරින් ලෙසයි.
පසුව මේ ආයතනය පරික්ෂා කිරිමට ඇති බව පවසා ඇති අතර එහි සේවය කළ කාන්තාවන් දෙදෙනා ඇදගෙන ගොස් ජිප් රථය දමා කොළඹ දෙසට ධාවනය කර තිබෙනවා.
එහිදි සිගිරිය ප්‍රදේශයෙදි නිවසක කාමරයකට දමා එම පුද්ගලයින් මත්පැන් පානය කිරිමට පටන් ගෙන තිබෙනවා.
එම අවස්ථාවේ නිවසේ දොර විවෘත කර ගනිමින් එක් කාන්තාවක් පැන ගොස් මාර්ගයේ පැමිණි බස් රථයක නැඟ හබරණ පොලිසියට පැමිණ පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නෙ.
එම පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වු පොලිසිය එම ස්ථානයට යන විටත් එම පුද්ගලයින් මත්පැන් පානය කරමින් සිට තිබෙනවා.
පසුව එම ජිප් රථය සහ එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයින් කුරුණැගල දැනිගම, ත්‍රිකුණාමලයේ නෙල්සන්පුර, සහ උඩපෙරහැරවත්ත බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මොහුන් 58, 41 , සහ 31 යන වයස් වල පසුවෙන අය බව පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ජිප්රථය සහ පුද්ගලයින් (13) දින පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව හබරණ පොලිසිය සඳහන් කළා.
මව්බිම
Top