රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් මඟහැර සිටීමට එම අධිකරණයේ තෝල්ක මුදලිවරයාගෙන් උපදෙස් ලබාගන්නා හඩපටයක් පිළිබද පැමිණිල්ලක් සිංහලේ සංවිධානය අද අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළා.
ඔවුන් පවසන්නේ එම තෝල්ක මුදලිවරයා මත්පැන් බෝතල් භාගයක් වෙනුවෙන් රන්ජන් රාමනායක මහතාට අධිකරණය මඟහැර සිටීමට අදාල උපදෙස් ලබාදී ඇති බවයි.
සිංහලේ සංවිධානය මීට පෙර අවස්ථා කිහිපයකදී අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත සිදුකරන ලද පැමිණිලිවල ප්‍රගතිය සොයා බැලීම සදහා මෙන්ම තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා අද එම කොමිෂන් සභාව වෙත පැමිණියා.
මෙහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව පිළිබදවද අදහස් පලවුණා.