Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2020 January 12
පසුගිය සමයේදී කථාබහට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැරුණු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙන්නප්පුව සිරිගම්පල ප්‍රදේශයේදී සැකකරු යතුරුපැදියකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මීට පෙරද 50 හැවිරිදි මෙම පුද්ගලයා නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.
ඔහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Top