Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 08
3,438
Views

ක්‍රිකට් ක්‍රීඩාවට ශෂිගේ තියෙන කැමැත්ත කොහොමද?

මම ගොඩක් ආසාවෙන් නරඹන ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. මෑත කාලයේ නම් මම එකම ක්‍රිකට් තරගයක්වත් අත්හැරියේ නැහැ. ඒකෙන් හිතාගන්න පුළුවන් ක්‍රිකට්වලට මගේ තියෙන කැමැත්ත කොයි වගේද කියලා.

 

එහෙනම් කැමැතිම ක්‍රිකට් ක්‍රීඩකයොත් ඇති?

ඉන්නවා. ඒත්, මම ගොඩක්ම කැමැති ක්‍රීඩකයා තමයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට. සංගක්කාරට මම කැමැති ඔහුගේ තියෙන නිහතමානිකමට. ඒ වගේම ලංකාවේ ක්‍රිකට්වලට ලොකු සේවයක් සංගක්කාර අතින් සිදුවුණා. ඔහු පන්දුවට පහරදෙන විලාසයටත් මම ගොඩක් කැමතියි. ඒ නිසා තමයි ඔහු මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්න හේතු වුණේ.

 

විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔබේ හිත ගිහින් නැද්ද?

ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි. ඔහු තමයි මගේ කැමැතිම විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයා. කෝලි රට වෙනුවෙන් තමයි හැමදාම ක්‍රීඩා කරන්නේ. අනික ලේසියෙන් ඔහු තරගයක් අත්හරින්න කැමැති ක්‍රීඩකයෙක් නෙවෙයි. ඔහු හැම තරගයකදීම සැලසුම් කරන්නේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්න.

 

නිතර ක්‍රිකට් තරග නරඹන නිසා මතකයේ රැඳෙන ක්‍රිකට් තරගත් ඇති ඔබට?

අපෝ ගොඩක් තියෙනවා. මෑතකදී නරඹපු හොඳම ක්‍රිකට් තරගයක් තමයි පාකිස්තානු කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී ක්‍රීඩා කළ විස්සයි 20 තරග තුන. ඒ තරග තුනම කාලයක් යනතුරු මගේ මතකයේ තියෙවි කියලා හිතනවා.

 

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් මුණගැහිලා තියෙනවාද?

අහම්බෙන් අවස්ථා කිහිපයකදීම මුණගැහිලා තියෙනවා. කතා කරලා තියෙනවා. ගොඩක් ක්‍රීඩකයෝ නිහතමානියි.

 

ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙන් ආදර යෝජනාවක් එහෙම ආවොත් භාර ගන්නවාද?

එහෙම ආදර යෝජනා කරපු අවස්ථා කිහිපයක් නම් තියෙනවා. ඒත්, දැන් මට පෙම්වතෙක් ඉන්න නිසා මම එහෙම යෝජනාවක් කළොත් භාරගන්නේ නැහැ.

 

ලංකාවේ ක්‍රිකට් අද පත්වෙලා තියෙන තැන ගැන මොකද හිතෙන්නේ?

පොඩි පසුබැමක් තියෙනවා කියලා දකිනවා. නමුත්, දක්ෂ ක්‍රීඩකයෝ පිරිසක් අපිට ඉන්නවා. පාකිස්තානය සමග පැවැති විස්සයි 20 තරගාවලිය ගත්තොත් නවකයෝ බොහෝ දෙනෙක් තමන්ගෙ හැකියා උපරිමයෙන්ම පෙන්නුවා. මම හිතනවා ඒ වගේ තරුණ නවක ක්‍රීඩකයෝ ඉදිරියට ගන්න ඕනා කියල. එතකොට ලංකාවේ ක්‍රිකට් හොඳ තැනට ඒවි.

 

බුද්ධික සේනාධීර

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top