Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2020 January 08
1,319
Views

බොලිවුඞ් සුරූපිනී දීපිකා පදුකෝන්, නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් හමුවීමට ගියාය.

ඉන්දීය රජයේ නව පුරවැසි පනතට විරෝධය දක්වමින් නවදිල්ලි අගනුවර විරෝධතා පවත්වන්නේ මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන්ය. දීපිකා දිල්ලි විශ්ව විද්‍යාලයට ගියේ එම ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ඇගේ සහාය ලබා දෙමින්, නව පුරවැසි පනතට ප්‍රසිද්ධයේ විරෝධය දැක්වීමක් වශයෙනි.

34 හැවිරිදි දීපිකා නේරු විශ්ව විද්‍යාලයට ගියේ පසුගිය 5 වැනිදා එම විශ්ව විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන්ට එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසුවය. එම මැර ප්‍රහාරය එල්ල කළේ යැයි චෝදනා එල්ල වී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හිතවත් ‘අකිල් භාරතීය විද්‍යාර්තී පරිශාද්’ ශිෂ්‍ය සංගමයටය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top