Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 31
1,451
Views

ලංකාවේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුන කුසල් මෙන්ඩිස් ඔන්න ආපහු ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතරේ කතාබහට ලක්වෙන්න පටන් අරන් තියනවා. හැබැයි ඒ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දෙයක් නිසානම් නෙමෙයි. මේ ලඟදි දවසක කුසල් කරලා තිබුන අලුත් ටැටූ එකක් නිසා. වෙනදා තිබුන ටැටූ එක වෙනුවට මෙදාපාර කුසල් එයාගේ දකුණු අතේ ලොකුම ලොකු ටැටූ එකක් තමයි මේ විදිහට කරලා තියෙන්නේ. 

මුහුදේ ගමන් කරමින් තියන නැවක් වගේ තමයි බැලූ බැල්මට මේ ටැටූ එකෙන් පේන්නේ. ඊට අමතරව දේවල් ටිකකුත් වටේ පිටෙන් එකතුවෙලා තියනවා දැකගන්න පුළුවන්. කොහොම වුනත් මේක බොහොම අපූරු එකක් බව තමයි ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ අදහස වුනේ. 

පහුගිය කාලය පුරාවටම ක්‍රිකට් පිටියේ ඔහු දක්වපු අසාර්ථකත්වය නිසා ලංකාවේ බහුතරයක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුල ඔහු ගැන එතරම් පැහැදීමක් නෑ කියන කාරණය නොරහසක්. 

කොහොම වුනත් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වුන මේ පින්තූරයටම් නොසෑහෙන්න ප්‍රතිචාර තිබුණා. උඹට ඕක විතරයි අඩුවෙලා තිබුනේ, දැන්වත් ඉතින් ටිකක් හොඳට සෙල්ලම් කරන්න බලපන් වගේ හාස්‍ය දනවන අදහස් රැසක් මේ පින්තූරය වෙනුවෙන් ලැබිලා තියනවත් දකින්න ලැබුනා.

කොහොම වුනත් අනිත් හැමදේම අමතක කරලා කුසල්ගේ මේ අලුත් ටැටූ එක ගැන කතා කරද්දී නම් ඒක බොහොම අපූරු නිර්මාණයක් කියලා තමයි අපිටනම් කියන්න තියෙන්නේ.    

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top