Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2015 March 16
973
Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙන බදාදා ආරම්භ කෙරෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසාන අර්ධ පූර්ව තරඟයට පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සහභාගී කරන්නේද යන්න තවම අවිනිශ්චිත තත්වයක පවතින බවයි වාර්තා වන්නේ.
අද පැවැත්වුන පුහුණු සැසියේ දී රංගන හේරත් පන්දු යැවීමට සහභාගී නොවූ අතර ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ විට තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය සඳහන් කළේ හෙට අඟහරුවාදා පැවැත්වෙන අවසන් පුහුණු සැසියට රංගන එක් කර ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි.

පෙර තරඟයක දී තුවාල ලද රංගන ගේ අතට දැමූ මැසුම් මේ වන විට ඉවත් කරනු ලැබ ඇතත් ආබාධය සම්පුර්ණයෙන් සුව වී නැති අතර ඔහු තවමත් එක්තරා වේදනාවකින් පෙලෙන බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව බදාදා තරඟයට සහභාගී කෙරෙන කණ්ඩායම සම්බන්ධයෙන් අද සඳුදා සවස් භාගය වන විට තීරණයක් ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු තබන බව සඳහන් කළ ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපතිවරයා, දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එම තරඟයට එක් කර ගැනීම තේරීම් කමිටුවේ බලවත් අධිෂ්ඨානය වන බවයි වැඩි දුරටත් කියා සිටියේ.

සිඩ්නි නගරයේ පැවැත්වෙන පළමු අවසාන අර්ධ පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමටයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top