Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 13
679
Views
යුද සමයේ තමිල්නාඩුවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලක් රජය, ඉන්දියාව සමඟ එක්ව වැඩපිලිවෙලක් සකස් කළ යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දීය පාර්ලිමේන්තුවේ සම්මත වූ නව පුරවැසි සංශෝධන පනත සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පාකිස්තානය යන අසල්වැසි රටවලින් ඉන්දියාවට සංක්‍රමණය වූ මුස්ලිම් නොවන සුළු ජන වර්ග සඳහා පුරවැසිභාවය ලබාදීම සඳහා පෙරේදා දිනයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත කරගනු ලැබුවා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සඳහන් කළේ මෙරටින් සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදිය නොහැකි බවට ඉන්දීය රජය ගෙන ඇති තීරණය ගැටළුවක් නොවන බවයි.

මේ අතර, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ද සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදිය යුතු බවයි.

ඔවුන් ඉන්දීය පුරවැසිභාවය ලබාගතහොත් මෙරට දෙමළ ජනගහනය අඩුවන බවත්, ඒ හේතුවෙන් ඔවුන් යළි මෙරටට පැමිණිය යුතු බවත් මන්ත්‍රීවරයා එම ට්වීටර් පණිවුඩයෙන් දක්වා තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top