Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 12
947
Views
නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් මියගිය ගණන නිල වශයෙන් 8ක් ලෙස මේ වනවිට තහවුරු කරගෙන සිටින බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, මෙම අනතුරට මුහුණ පෑ තවත් පුද්ගලයන් 9 දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවද නවසීලන්ත බලධාරීහු පවසති.

ගිනිකන්ද තවදුරටත් සක්‍රීයව පැවති හෙයින් එහි තිබූ මළ සිරුරු ඉවත්කර ගැනීමේ මෙහෙයුම් අඩාල වී තිබුණු අතර, දැඩි පිළිස්සුම් තුවාල සහිතව බේරාගැනුණු පුද්ගලයන් 20 දෙනෙකු පමණ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ගනිමින් සිටිති.

මෙසේ ප්‍රතිකාර ලබන අයගෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් 5 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියාව වෙත යොමුකර ඇති බවද නවසීලන්ත බලධාරීහු පවසති.

වඛාරි යන අන්වර්ත නාමයෙන්ද හැඳින්වෙන මෙම ගිනිකන්ද පසුගිය සඳුදා දිනයේදී විදාරණය වනවිට එම දූපතේ සංචාරකයන් විශාල පිරිසක් රැඳී සිටීමෙන් මෙම අනතුරට ඔවුන් මුහුණදී තිබුණි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top