Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 12
920
Views
බංග්ලාදේශ් ප්‍රිමිය ලීග් තරඟාවලිය ඊයේ ආරම්භ වුණේ 20-20 ක්‍රිකට් පිටිය යළිත් උණුසුම් කරමින්.

මෙම තරඟාවලියේ තරඟ දෙකෙක් ඊයේ පැවැත්වුන අතර ඉන් පළමු තරඟය ජයගන්නට තන්ඩර් කණ්ඩායම පරාජය කළ චැතගොම් චලෙන්ජස් කණ්ඩායම සමත් වුණා.

දෙවන තරඟය පැවැත්වුණේ කොමිලා වෝරියස් සහ රාන්ග්පූර් රේන්ජර්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරඟය පහසුවෙන් ජයගන්නට සමත් වුනේ දසුන් ශානක නායකත්වය දරණ කොමිලා වෝරියස් කණ්ඩායමයි.
කොමිලා වෝරියස් මෙම තරඟය ජයගත්තේ ලකුණු 105කින්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොමිලා වෝරියස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 07ක් දැවී ලකුණු 173ක් රැස්කළා.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රියාත්මක කළ දසුන් ශානක පන්දු 31කදී නොදැවී ලකුණු 75ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 09ක් සහ හතරේ පහර 03ක් සමඟින්.
 
ඒ අනුව ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය රාන්ග්පූර් පිළට පන්දුවාර 14ක් තුල සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 68ක් පමණයි.

තරඟයේ වීරයා බවට පත් වුණේ දසුන් ශානක.

දසුන් ශානකගේ ඉනිම පහතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top