Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 12
522
Views
දාහත් හැවිරිදි ශිෂ්‍යාවක් මතට යොමුකර පසුව ඇය දිගුකලක් තිස්සේ දූෂණය කළ සැකකාර 37 හැවිරිදි විවාහක ගුරුවරයාට තෙවැනි වරටත් ඇපදීම ප්‍රතික්ෂේප කළ මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය එම සැකකරු දෙසැම්බර් මස 20 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළයා.
 
 ඇප ප්‍රතික්ෂේප වී තවදුරුටත් රිමාන්ඞ් භාරයට පත් කළ සැකකරු වූයේ මීගමුව මහිමිගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෙම සැකකරු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 නොවැම්බර් මස 23 වැනි දිනය.
 
 මෙහි සැකකරු එම විදුහලේ ද්‍රවිඩ භාෂාව උගන්වන ගුරුවරයා විය. මොහු මෙම ශිෂ්‍යාව සමග අමනාපව සිටි ගුරු මහත්මියක් සමග සමාදාන කිරීම සඳහා යැයි පවසා එම ගුරුවරියගේ නිවසට කැඳවාගෙන යන මුවාවෙන් ශිෂ්‍යාව ඔහුගේ වෑන් රථයට නංවාගෙන තිබේ.
 
 එහිදී සැකකරු එම ශිෂ්‍යාවට බලකොට මත්පෙත්තක් ඇගේ දිවයට තබා ගැනීමට උපදෙස් දී ඇත. පසුව ශිෂ්‍යාව මත් වූ පසු ඔහුගේ මිතුරකුගේ නිවසට ඇයව කැඳවාගෙන ගොස් දූෂණය කර තිබේ. ඉන් අනතුරුව එම ශිෂ්‍යාව මතට තදින් ඇබ්බැහි කර එම ශිෂ්‍යාව සෑහෙන කලක් දූෂණයට ලක් කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. කටාන පොලිසියේ සැරයන් ප්‍රියන්ත ලාල් මහතා පැමිණිල්ල මෙහෙයවිය.
 
 විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රිමාල් අමරසිංහ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ. වැඩිදුර විභාගය දෙසැම්බර් මස 29 වැනි දින පැවැත්වේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top