Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 11
500
Views
තාරකා ඉබ්බන් 57 දෙනෙකු විදේශ රටවලට අලෙවි කිරීම සඳහා සඟවා තිබියදී අද (10) සොයාගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.
 

එහදී මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම ඒකකයේ නිලධාරියෙකු පැවසීය.
 
පුත්තලම විරුතෝඩේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක මෙම තාරකා ඉබ්බන් සඟවා තිබූ බවත් නිවස අවට වලවල් කිහිපයක ගල් ඉබ්බන් හා කිරි ඉබ්බන් දමා තිබූ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
 
පුත්තලම පාලවි ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකදී  මෙම තාරකා ඉබ්බන් සොයාගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් තාරකා ඉබ්බන් තබ්බෝව අභය භුමියෙන් අල්ලා විදේශීය රටවලට යැවීමට සැලසුම් කර තිබූ බව එම නිලධාරියා පැවසීය.
 
වනජීවි භාරයට ගත් තාරකා ඉබ්බන් හෙට (11) අභය භූමියකට නිදහස් කිරීමට කටයුතු කරන බවත් වලවල් කිහිපයකට දමා තිබූ කිරි ඉබ්බන් හා ගල් ඉබ්බන් සොයා අදාල වලවල් ඉසීමට කටයුතු කරන බවත් වනජීවි නිලධාරීහු පැවසූහ. 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top