Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 11
467
Views
මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින නයිජීරියානු ජාතිකයින් 55 දෙනෙකු මෙරටින් පිටුවහල් කිරීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද කියා සිටියේ ඔවුන් වෙනම ගුවන් යානයකින් පිටුවහල් කිරීම සඳහා මෙලෙස ප්‍රතිපාදන මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවයි.

මිරිහාන රැඳවුම් කඳවුරේ සිටි නයිජීරියානු ජාතිකයින් 9 දෙනෙකු මේ වනවිට පලාගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා පොලීසියට දැනුම්දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ විදේශිකයින් 111 දෙනෙකු රඳවා සිටින අතර, ඔවුන් නඩත්තු කිරීම සඳහා මාසිකව රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් වැයවන බවද වාර්තාවනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top