Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 10
1,270
Views
ලාංකීය සිනමාව තුළ දෙමළ චිත්‍රපටි වංශකතාවේ තවත් එක් විශිෂ්ට නිර්මාණයක් ලෙස පාර්තිබා පසුගිය දා සිනමාවට එක්විණි.

ලාංකීය රේඩියෝ ඉතිහාසයේ ලියවෙන ශක්ති ඔඪ සාඩම්බරයෙන් ඉදිරිපත් කරන, රේඩියෝ ඉතිහාසයේ පළමු ඩිජිටල් චිත්‍රපටය ද මෙය වේ. ආර්.පී. අබර්නසුදන්ගේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට එක්වුණු පාර්තිභා චිත්‍රපටයේ දමිළ රංගන ශිල්පිනියන්, ශිල්පීන් අතරට ලාංකීය සිංහල රංගන ශිල්පිනියකට ද අවස්ථාව හිමිවුණා. ඇය පාර්තිභා නම් ප්‍රධාන චරිතයට පණපොවන රශිප්‍රභා සංදීපනියි.

 පාර්තිභා මගේ පළමු දමිළ චිත්‍රපටය. මේ අවස්ථාව ඇත්තටම රංගන ජීවිතේ මා ලැබූ සුවිශේෂිම අවස්ථාවක්. දමිළ නළු නිළියන් අතර මේ චිත්‍රපටයේ රඟපාන එකම සිංහල කෙල්ල මමයි.

 කොහොමද මේ රංගන අවස්ථාව රශිප්‍රභාට ලැබෙන්නේ?

දමිළ චිත්‍රපටයක රඟපාන්න නම් ආසාවක් තිබුණා. ඒත් මේ අවස්ථාව හීනෙකින්වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මෙහි අධ්‍යක්ෂවරයා වන අබරන් පුතන් මහත්මා පාර්තිභා කියන චරිතයට ඔහුගේ මනසේ මැවිච්ච විදිහේ රුවක් සොයලා තියෙනවා. ඇත්තටම එතුමා මේ චරිතයට සොයලා තියෙන්නේ දමිළ තරුණියක්. නමුත් ඔහුගේ මනසේ ඇඳිච්ච රුවට සමාන රුවක් එතුමට මුණ ගැහිලා නැහැ.

ඒ අතර තමයි ගජන් කනීෂන් අයියා මාව ඒ චරිතයට යෝජනා කරලා තිබුණේ. මෙහි ප්‍රධාන චරිතය කරන්නේත් ගජන් කනීෂන් අයියා. ඔහු ප්‍රවේගය චිත්‍රපටයෙත් රඟපෑවා. අපි හොඳ යාළුවෝ. ඉතින් ඔහු මගේ ඡායාරූපයක් අධ්‍යක්ෂවරයාට පෙන්නලා. ඒත් අධ්‍යක්ෂතුමා, එයා සිංහලනේ... කිව්වම.. සිංහල වුණාට මෙයාට තියෙන්නේ දමිළ පෙනුමක් කියලා ගජන් අයියා කිව්වම මට එන්න කිව්වා. එතුමා මාව දැකපු ගමන් හෙට ෂූටින් පටන් ගන්නවා මට එන්න කියලා කිව්වා. ඒ විදිහට තමයි මට මේ අවස්ථාව ලැබුණේ.

භාෂාව සම්බන්ධයෙන් රශිප්‍රභාට ගැටලූවක් මතු වුණේ නැද්ද?

මාව දැකපු දවසට පහුවෙනිදම ෂූටිං එන්න කිව්වම නම් පොඩි බයක් දැනුණා. මේකේ පිටපතවත් මම දැකලා තිබුණේ නැහැ. අනිත් එක නිෂ්පාදන කටයුතු කැමරා, කාර්මික අංශ කණ්ඩායමේ සියලූම දෙනා දමිළ. මට මුලින්ම කිව්වේ දෙබස් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියන්න. ඔවුන් දමිළ හඬකැවීම් කරන්නම් කියලා. ඒත් මට  ඕන වුණා දෙමළ භාෂාවෙන්ම කතාකරන්න. මට චතුර ලෙස දෙමළ භාෂාව හසුරවන්න බැහැ. නමුත් මම දෙමළ චිත්‍රපටි බලන්න ඇබ්බැහි වුණ කෙනෙක්. ඒ නිසාම ඔවුන්ගේ භාෂා භාවිතය, හැසිරීම් මගේ මනසට කා වැදිලා තියෙනවා.

භාෂාව හැසිරවීමේ දී ටිකක් අභියෝගාත්මක වුණා. ඒත් මේ චරිතය මට කරන්න පුළුවන් කියන හොඳ ආත්ම විශ්වාසයක් මට තිබුණා. ඒ නිසා චරිතයේ සාර්ථකත්වය වෙනුවෙන් මම හැකි අයුරින් කැපවෙලා වැඩ කළා. ඔවුන් මට දෙමළ භාෂාවෙන් දෙබස් ලියලා දුන්නම විනාඩි දහයකින් වගේ මම දෙබස් පාඩම් කරගත්තා. මගේ ඇක්ෂන් කතාබහ දමිළ විදිහට කරන කොට අධ්‍යක්ෂවරයා පුදුමයෙන් බලාගෙන හිටියා.

රශිප්‍රභාට කොහොමද ඒ අද්දැකීම දැනුණේ?

වෙනස්ම අද්දැකීමක්. ලොකු ආසාවක් තිබුණා දමිළ චිත්‍රපටයකට දායක වෙන්න. මම කොහොමත් අඳින්න ප්‍රිය කරන්නෙත් ඉන්දියානු විලාසිතා. බොහෝ අය කියන්නෙත් මට තියෙන්නේ ඉන්දියානු පෙනුමක් කියලා.

ලංකාව පුරා බොහෝ සිනමාශාලාවන් තුළ චිත්‍රපටය විකාශනය වෙනවා. චිත්‍රපටිය බලපු බොහෝ අය හිතලා තියෙන්නේ මම දමිළ තරුණියක් කියලා. ප්‍රේක්ෂකයන්ගෙන් හිතුවෙත් නැති විදිහට ප්‍රතිචාර ලැබුණා. ඔවුන් දමිළ ඒත් ඔවුන් මාව ඉතාම ආදරයෙන් පිළිගත්තා.

මට වචනයෙන් කියන්න බැරි තරමට ලොකු සහයෝගයක් ලැබුණා චිත්‍රපටි කණ්ඩායමෙන්ම. මම සිංහල කියලා වෙනසක් දැක්කුවේ නෑ. එක පවුලක් වගේ හරිම ආදරෙන් සහයෝගයෙන් වැඩ කළා. සියවතාවක් වැරදුණත් ඔයාට පුළුවන් කියලා පුදුමාකාර විදිහට අධ්‍යක්ෂවරයා, ගජන් අයියා මාව නිතරම ශක්තිමත් කළා. ඇත්තෙන්ම දමිළ අය එක්ක වැඩ කරන්න තවතවත් ආසාව ඇතිවුණා. ජාතිභේද නැතුව අපි හැමදාම එකට එකා වගේ වැඩ කරන්න පුළුවන් නම් ඒක තමයි සංහිඳියාව කියන්නේ.

ඔබ රංගනය තුළ තැනක් හදා ගත්තේ වේදිකාවෙන්. අද වේදිකාව මගඇරලා තියෙන්නේ ඇයි?

රශිප්‍රභා කියන නිළිය හැදුනේ වේදිකාවෙන්. ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායම එක්ක මට ලැබුණු අද්දැකීම් එක්ක. ඒත් මට එක්තරා කාලෙක දී වේදිකාව මගඇරුණා. මොකද ටෙලිනාට්‍යවලට මූලික තැනක් දෙන්න වුණ නිසා. අධ්‍යාපන කටයුතු වලින් පස්සේ නැවත වේදිකාවට ගොඩවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඉතින් මේ දවස්වල මොනවද අලූත් වැඩ?

පසුගිය අවුරුදු 7ක්ම මම මුල්තැන දුන්නේ කලාවට. දැන් අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න  ඕන කියලා හිතුවා. මම දැනට ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරනවා. අධ්‍යාපන කටයුතුත් එක්ක ඉස්සර වගේ ගොඩක් වැඩ බදාගෙන කරන්න අමාරුයි.

දැන් විවාහයකට සුදුසු වයස කියලා හිතෙන්නේ නැද්ද?

හිතෙනවා, හිතෙනවා ඒත් විවාහයකට කලින් කරගන්න වැඩ ගොඩක් තියෙනවා. විවාහයට යනවනම් හිත නිදහසේ යන්න  ඕන. සමහර විට විවාහයෙන් පස්සේ සෑම දේකින්ම බැහැර වෙන්නත් සිද්ධ වේවි. ඒ නිසා වගකීම් ගන්න කලින් අධ්‍යාපන වැඩ ටික හමාර කරන්න  ඕන කියලා හිතුවා. සිකුරා ගැන කතාකරන්න සුදුසු කාලය  ඕක නෙමෙයි. හරි ආදරේ ලැබෙනකම් මට ජීවිතේ  ඕනම කාලයක් බලා ඉන්න පුළුවන්.

 

නදීශා අතුකෝරළ
20191205Rashi-1
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top