Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 06
859
Views
හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මිය ගිය ඇතින්නකගේ මළ සිරුරක් සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාෆි නගර් ප්‍රදේශයේ වෙල්යායක තිබී සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ කන්තලේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (05) මෙම ඇතින්නගේ මළ සිරුර සොයගත් බවයි.

වයස අවුරුදු 30ක් පමණ ඇතින්නක් මෙලෙස මියගොස් ඇති අතර ඇතින්නගේ සිරුර අසල සිටි මාස 04ක් පමණ වන අලි පැටවා ද වනජීවී නිලධාරීන්ට හමුව ඇති බවයි වාර්තා වන්නේ.

කන්තලේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම අලි පැටවා ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයට භාරදුන් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top