Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 06
1,482
Views
ඇදහැලෙන ධාරානිපාත වැසි සමඟ රයිගම් කෝරලය ශෝක ගංගාවක හෙළුෑ පුවතක් අසන්නට ලැබිණ. ඒ මොනරාගල, කොටියාගල රෝහලේ සේවය කරමින් සිටියදී  හදිසියේ අභාවයට පත් හොරණ පුංචි ‍ෙදාස්තර මහතාගේ පුවතයි. ඒ කුඹුක කොටුපත්ගොඩ පදිංචිව සිටි ප්‍රියන්ත මධුශංඛ වෛද්‍යවරයාය. නිවාස සිවිලිම් ගැසීමේ ව්‍යාපාරයක් කරගෙන යන මිතුරකුගේ උදව්වට ගොස් නිවෙසක ඉහළ මහලයේ මිනුම් කටයුත්තකට සහාය වෙමින් සිටියදී නොදැන පසුපසට යෑමෙන් පියගැට පෙළ තුළට වැටී හිසට හා කොඳු ඇට පෙළට හානි සිදුවීම නිසා මෙම අකල් මරණය සිදුවී ඇත. පසුගිය අඟහරුවාදා (3දා) සවස මෙම අනතුර සිදුවීමෙන් පසු මුලින්ම බුත්තල රෝහලටත්, ඉන් පසුව මොනරාගල මහ රෝහලටත් ඇතුළත් කර ඇතත් ඒ වනවිටත් ඔහු මෙලොව හැර ගොස් තිබේ.

සිය පුතුගේ අකල් වියෝව ගැන වැලපෙන මව වන නන්දා හෙට්ටිආරච්චි මහත්මිය මෙසේ කීවාය.

“පුතා මුලින්ම ඉගෙන ගත්තේ කුඹුක නැඟෙනහිර ප්‍රාථමික විද්‍යාලයේ. හැම අවුරුද්දෙම පන්තියේ පළමුවැනියා වෙච්ච පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙලා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එතැනින් උසස් පෙළ පාස්වෙලා ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වුණා. මමත් පුතාගේ තාත්තත් මහන්සි වෙලා හම්බ කරලා පුතාට ඉගැන්නුවා. කුඹුක ශ්‍රී  සුදර්ශනාරාම දහම් පාසලේත් ඉගෙන ගත්ත පුතා ගමේ කාගේත් හොඳ හිත දිනාගෙන හොඳට ඉගෙන ගත්තා. තරගවලින් ජය ගත්තා. අපේ පවුලටත්,ගමටත් පුතාගේ දක්ෂකම් ආඩම්බරයක් වුණා.

වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ සීමාවාසී කාලය පුතා ඇල්පිටිය රෝහලේ ගත කළේ. ඉන් පසුව මොනරාගල, කොටියාගල රෝහලට පත්වීම් ලැබුණා. ඔය අතරේදී පුතා කාලයක් ආශ්‍රය කරපු එයාගේ ආදරවන්තිය එක්ක විවාහ වුණා. එයා මධුවන්ති. මෙයා මධුශංඛ. ඒකත් හරි පුදුමයි. පුතා මටත්, තාත්තටත්, මල්ලිටත් හරි ආදරෙයි. හැමදාම කතා කරලා දුක සැප අහනවා. එයා කාර් එකක් අරන් මල්ලිටත් එකක් අරන් දෙන්න බලාගෙන හිටියේ. මධුවන්ති මෙහේ නිසාත් අපිව බලාගන්නත් එක්ක එයා තව අවුරුද්දකින් කළුතර නාගොඩ රෝහලට මාරු වෙන්න කටයුතු සූදානම් කරමින් සිටියේ. ඒ අතරේ හොරු අරන් ගියා වගේ මේ විපත සිදුවුණේ. කාටවත් කරදරයක් නැති කාගෙත් හිත දිනාගත්ත මගේ පුතාව මතු සංසාරේදීත් මම ප්‍රාර්ථනා කරනවා.”

පොකුණුවිට - සමන් පාලිත
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top