Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 06
2,396
Views
ඇඹිලිපිටිය නගරයේදී තරුණයන් තුන් දෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.  

ඊයේ රාත්‍රියේ 11.40ට පමණ බීමත් පුද්ගලයෙකු සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ත්‍රිරෝද රථ ගාලේ සිටි පිරිසක් පැමිණ මෙම තරුණයන්ට පහරදීි ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පැහැරකෑමට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය නගර සභා පුස්තකාලයේ චිත්‍ර අදිමින් සිටි තරුණයන් තුන් දෙනෙකු වන අතර ඔවුන් තේ පානය සඳහා ගිය අවස්ථාවේ මෙම ගැටුම සිදුව ඇති බව සදහන්.

පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු මේ වන විට ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමෙන් තුවාල ලැබූ තරුණයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top