Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 05
885
Views
පරිසර සංරක්ෂණය වෙනුවෙන් පනවා ඇති කිසිදු නීතියක් ලිහිල් කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ ඉදිකිරීමේ කර්මාන්තය සඳහා ගල්, වැලි සහ පස් ප්‍රවාහනයට ලබාදී ඇති බලපත්‍ර අහෝසි කිරිමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින්.

එමෙන්ම ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී නීති ලිහිල් කිරීම අඛණ්ඩව සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් වු අවසන් තීරණය මීළග කැබිනට් මණ්ඩලයේදි ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි අතර, වැට් බදු අඩුකිරීම සහ පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් පත් ක්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වවුචර් ක්‍රමය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් විරෝධතා දක්වන්නේ නම් ඒ පිළිබඳව සළකා බැලීමටද සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, විශ්වවිද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීම සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍ර නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමිවූ බවයි මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

එසේම ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකයින්, ගුරු අධ්‍යාපනඥයින් සහ අධ්‍යාපන පරිපාල සේවා නිලධාරින් සඳහා අධ්‍යාපන සංවෘත සේවාවන් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ සඳහා යෝජනාවලියක් සකස් කිරීමට ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සහ විෂය ප්‍රවීනයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top