Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 04
1,692
Views
මාර්ග අංක 120 කැස්බෑව-පිටකොටුව බස් රියක කොන්දොස්තරගෙන් එහි ගමන් කළ තරුණයකු ඉතුරු සල්ලි ඉල්ලීම හේතුවෙන් උරණ වූ එකී බස් මගියාට පහරදුන් කොන්දොස්තරව බස් රථයේ සිටි සෙසු මගීන් විසින් අල්ලා බොරලැස්ගමුව පොලිසියට (02) භාර දී තිබේ.

ඉතිරි සල්ලි ලබාදෙන ලෙසට කළ ඉල්ලීමත් සමඟ උරණ වූ කොන්දොස්තර, තරුණයාට මෙම පහරදීම සිදුකර ඇත.

බස් රථයේ සිටි සෙසු මගීන් කොන්දොස්තරගෙන් එම බස් මගියා බේරාගෙන ඇති අතර තරුණයා මඟදී බැස ගොස් තිබේ. පසුව කොන්දොස්තරවරයාට දැඩිව දෝෂාරෝපණය කළ මගීහු ඔහුව බොරලැස්ගමුව පොලිසියට භාර දී තිබේ.

කෙසේ නමුත් බොරලැස්ගමුව පොලිසිය පවසන්නේ පහරකෑමට ලක් වූ මගියා පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top