Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 04
967
Views
ජපානයේ රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා තරුණ තරුණියන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ කාන්තාවක් පිළිබඳව හිරු සී.අයි.ඒ. තොරතුරු අනාවරණය කර ගත්තා.

දේශපාලනඥයන් සමඟ සමීප සබඳතා ඇති බව පවසමින් ඔවුන් සමඟ ලබාගත් ඡායාරූප ද ජනතාවට පෙන්වමින් අදාළ කාන්තාව මෙම මුදල් වංචාව සිදුකර තිබෙනවා.

මාතර, දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි චම්පිකා ජීවනි නම් මෙම කාන්තාව වැඩි දෙනෙක් හඳුනන්නේ ‘‘බොබි“ යන අන්වර්ත නාමයෙන්.
 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දෙවිනුවර ආසනයේ ප්‍රධාන සංවිධායකවරිය ලෙස කටයුතු කර ඇති මෙම කාන්තාව දකුණු පළාත් සභාව සඳහා එම පක්ෂයෙන් මැතිවරණයට ද ඉදිරිපත්ව තිබෙනවා.

තමන්ට ඇති දේශපාලන සබඳතා මත තරුණ තරුණියන් ජපානයේ රැකියා සඳහා යැවිය හැකි බව පවසමින් මෙම කාන්තාව රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර තිබෙනවා.

රට රැකියා ලබාදෙන බව පවසා ජනතාවගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කරන මෙම කාන්තාව පවසන්නේ කිසිවෙකුටත් මේ පිළිබඳව නොපවසන ලෙසයි.

මෙම කාන්තාව සිදුකරක මූල්‍ය වංචාව පිළිබඳව හෙළිකර ගැනීමෙන් අනතුරුව හිරු සී.අයි.ඒ. කණ්ඩායම අදාළ වංචාවට හසුවූ පිරිස ගන්දර පොලීසියට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා යොමු කළා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ ගන්දර පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ රජයේ බැංකුවල රැකියා ලබාදෙන බව පවසමින් ද මෙම කාන්තාව දිවයිනේ විවිධ පෙදෙස්වල තරුණ, තරුණියන්ගෙන්ද මුදල් වංචා කර ඇති බවයි.

ඒ අනුව ගන්දර පොලීසිය විසින් අදාළ කාන්තාව සහ මෙම මූල්‍ය වංචාවලට ආධාර අනුබල දුන් ඇගේ 17 හැවිරිදි පුත්‍රයා ද මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.
 
එහිදී නියෝග කෙරුණේ මේ මස 17 වැනි දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top