Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 04
948
Views

මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවැත්වුණු ටැටූ (Tattoo) ප්‍රදර්ශනයක් “අසභ්‍ය” එකක් බව පවසමින් ඒ පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට එරට අමාත්‍යවරයෙක් විසින් නියෝග ලබා දී තිබෙනවා.

ඊට සහභාගී වූ අඩ නිරුවත් පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ පින්තූර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරණය වීමට පටන් ගත් පසුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.  

එරට සංචාරක, කලා සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ බලපත්‍රය නිකුත් කරන විට උත්සවයේ දී කුමන ආකාරයකින් හෝ නිරුවත යොදා ගන්නා බවට කිසිදු සඳහනක් නොවූ බව යි.  

එම උලෙළ “මැලේසියානු සංස්කෘතිය නෙවෙයි... මැලේසියානුවන් බහුතරයක් මුස්ලිම් ජාතිකයන්” යනුවෙන් මොහොමදින් කෙටපි පැවසුවේ ය.

එසේම කිසිදු පැකිලීමකින් තොරව සංවිධායකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද සුදානම් බව අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.  

“The Tattoo Malaysia Expo” නම් ප්‍රදර්ශනයට රටවල් 35ක් නියෝජනය කරමින් පුද්ගලයින් සහභාගී වූ අතර එය පසුගිය සතිඅන්තය පුරා මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර දී පැවැත්වුණි.

මෙම උලෙළ 2015 පටන් සංවිධානය කෙරෙන නමුත් එරට රජයේ විවේචනයට ලක්වුයේ මේ වසරේ දී පමණි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top