Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 03
966
Views
ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලන් - ඩෝර් හෙවත් රන් පාපන්දු සම්මානය මෙවරත් ජයග්‍රහණය කිරීමට ආර්ජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී සමත් වුණා.

32 හැවිරිදි මෙසී, මෙවර රන් පාපන්දුව ජයග්‍රහණය කළේ 2015 වසරෙන් පසු පළමු වතාවටයි.

එහෙත් එය ඔහු එම සම්මානය දිනූ වාර්තාගත 6 වන අවස්ථාව වනවා.

2008 වසරේ සිට ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන සම්මානය මෙසී 6 වරක් ද, පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 5 වතාවක් ජයග්‍රහණය කර තිබෙනවා.

මෙවර රොනාල්ඩෝට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි.

ලියොනල් මෙසී ආර්ජන්ටිනා පිළේ නායකයා ලෙස ද කටයුතු කර ඇති අතර ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට ශූරතා රැසක් හිමි කර ගැනීමට දායක වී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top