Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 03
685
Views
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14කට  අයත් පුද්ගලයින් 15,000කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සහ ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි.

බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මන්නාරම, මුලතිව්, මහනුවර, ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

වර්ෂාවත් සමඟ ජලාශ 8ක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, නුවරඑළිය - වලපනේ - මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් අතුරුදන් වූ 17 හැවිරිදි දරුවා සොයා අද තුන් වන දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊයේ සහ පෙරේදා දෙදින තුළ යුද හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් සිදුකළ ද ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

පස් කන්ද කඩා වැටීමෙන් මිය ගිය දරුවාගේ මව, පියා සහ ඔහුගේ සහෝදරියගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top