Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 02
469
Views
පරිවාස භාරයේ සිටින සිසුන් පිරිසක් අද ආරම්භව වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා.

ඒ වටරැක සුනීත පාසලේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයේදීයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ නියෝග අනුව පරිවාස භාරයට පත්වූ සිසුන් 15 දෙනෙකු පිරිත් සජ්ඣායනාකර ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා.

වටරැක එළිමහන් සිරිකඳවුරෙහි සහකාර බන්ධනාගාර අධිකාරී නිමල් ශාන්ත මහතා සඳහන් කළේ මහත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවූ සිසුන් උසස් ප්‍රතිඵල අපේක්ෂාවෙන් මෙලෙස විභාගයට පෙනී සිටි බවයි.

සහකාර බන්ධනාගාර අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම සිසුන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top