Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 02
1,091
Views
බටහිර ගී ලොව තරු කිරුළු පලඳින ග්‍රැමී සම්මාන උලෙළ 61 වැනි වතාවටත් පැවැත්වීමට නියමිතයි. ලබන වසරේ ජනවාරි 27 වැනි දින පැවැත්වෙන මේ සංගීත උලෙළෙහිදී කිරුළු පැලඳීමට සුදුසුකම් ලබා ඇති ගායක ගායිකාවන්ගේ නාම නිර්දේශයන් මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අතර අරියානා ග්‍රාන්ඩේ, ටේලර් ස්විෆ්ට්, ලේඩි ගාගා වැනි ජනප්‍රිය ගායිකාවන් 2019 වසර වෙනුවෙන් සම්මාන ලැබීමට නිර්දේශ ‍වී නැහැ. මේ නිසා බටහිර ගීත ප්‍රිය කරන රසික පිරිස් මෙවර පැවැත්වෙන ග්‍රැමී සම්මාන උලෙළ වෙත වැඩි අවධානයක් යොමු නොකරනු ඇතැයි පැවසෙනවා.

සෙලිනා ගෝමස් වැනි අතිශය ජනප්‍රිය ගායිකාවකගේ ගීත නිර්මාණ මෙවර ග්‍රැමී සම්මාන නිර්දේශ ලැයිස්තුවට ඇතුළත් නොවීමට ප්‍රධාන හේතුවක් බලපා තිබෙනවා.

ඒ තමයි, ඇය සහ හැරී ස්ටයිල්ස් වැනි ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් තම නිර්මාණ නියමිත දිනයට පෙර ග්‍රැමී සම්මාන සඳහා ඉදිරිපත් නොකිරීම. 2019 වසර වෙනුවෙන් නිර්මාණ භාර ගන්නා අවසන් දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ පසුගිය අගෝස්තු 31 දායි. මේ අතර ගී ලොවට අලුතින් එක්වූ ලිසෝ, බිලි අයිලිෂ් ඇතුළු නවක ගායක ගායිකාවන් රැසක් මෙවර ග්‍රැමී සම්මාන සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top