Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 02
1,455
Views
කාන්තාවකට ලස්සන කොච්චර වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?

කාන්තාවකට ලස්සන කියන දේ ඉතාම වැදගත් දෙයක් විදිහට මම දකින්නේ. ජීවිතයේ කුමන වයසක හිටියත් ලස්සන කියන දේ හරිම වැදගත්.

තරුණියකව සිටින කාලයේදී ඒ අනුවත් මවක් වීමේදී ඒ වයසට අනුවත් කාන්තාව ලස්සනට සිටිය යුතුයි.

ඇත්තටම මම දකින්නේ කාන්තාවකට ලස්සන කියන්නේ ශක්තියක්. අපි පිරිසිදුව පිළිවෙළට, ප්‍රියමනාපව ජීවත් වනවා කියන්නේ හදවතේ සිතුවිලිවලින් පවා අපි ඉබේම නැවුම් වෙන්න බලපාන කරුණක්.

ඇත්තටම කොච්චර ආලේප ගෑවත් සැබෑ ලස්සනක් මතු කර ගන්න අමාරු වුණත්, අපි හදවතින් සිතුවිලිවලින් ලස්සන නම් අපි ඉබේම ලස්සන වෙනවා.

හදවතින් ලස්සන වෙන්න මොනවාද ඔබ කරන්නේ?

ජීවිතයට ප්‍රශ්න කියන ඒවා එන එක ස්වභාවිකයි. එන  ඕනෑම ගැටලූවක දී කලබල නොවී ඊට මුහුණ දෙන්න ශක්තිය හැදෙන්න නම් අපට අංක එකට තිබිය යුත්තේ ඉවසීම. ජීවිතයේ ලස්සන කියන දේ අද තියෙයි. නමුත් හෙට නැති වෙන්න පුළුවන්. නමුත් අපි හැමදාම ජීවත් විය යුතුයි.

ඒ වගේමයි මම දකිනවා කාන්තාව කියන්නේ ඇල්පෙනිති තුඩක් ඇනුණත් මහා හයියෙන් ඇඬුවත්, මහා වේදනාවල් සිනාසිලා විඳ දරා ගන්න පුළුවන් මහා අප්‍රමාණ ශක්තියක් තියෙන කෙනෙක්.

ඒ නිසා අපි නිරතුරුව අපේ හිතට ගත යුතුයි අපි ශක්තිමත් මට මේ ප්‍රශ්නය ජය ගන්න ශක්තිය ලැබෙනවා කියලා. එසේ නැතුව හඬාවැටිලා ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න ගියොත් වෙන්නේ අපි ඉබේම අවලස්සන වෙන එක.

ලස්සන වෙන්න කියා ඔබ අධිෂ්ඨාන කරනවාද?

ම්.... පුංචි කාලේදී අම්මි එක්ක පන්සල් ගිහින් මල් ආසනේ උඩින් මල් කියලා මම බුදු හාමුදුරුවන්ගේ පිළිම දිහා බලාගෙන අනේ බුදු හාමුදුරුවනේ මම මේ මල් වගේ ලස්සන වෙන්න කියලා කියනවාලූ. දවසක් පන්සලේ වැඩහිටපු හාමුදුරු කෙනෙක් මම කරන දේ දැකලා මගේ ළඟට ඇවිත්  පෙර ආත්මවල බුදු හාමුදුරුවන්ට ගොඩක් මල් පූජා කරලා තියෙන නිසා තමයි මේ ආත්මයේත් ගොඩක් ලස්සන වෙලා තියෙන්නේ කියලා කිව්වා. ඇත්තටම ලස්සන රූපයක් ලැබෙන්න පෙර ආත්මේ පිං කරලා ඇති කියලා මට හිතෙනවා. මගේ අම්මා බෞද්ධ තාත්තා කතෝලික. මේ ආගම් දෙකෙන්ම උගන්වන හැම දේම එක්ක රූපය පමණක් නොවේ අද වෙන විට මම මගේ මුළු ජීවිතයම ගොඩනගාගෙන තියෙනවා.

දෛනිකව ඔබේ දවස ගෙවන හැටි දැන ගන්න කැමැතියි?

උදේ නැගිට්ට ගමන්ම විනාඩි කිහිපයක් මා අදහන ආගම මෙනෙහි කරලා, අද දවස ලස්සන දවසක්. අද මගේ ජීවිතයේ හොඳම දවස. අද දවස උදාකර දුන්නාට දෙවියන් වහන්සේට ස්තූතියි කියා නිරතුරුව හිතනවා.

ඊට පස්සේ තමයි ශරීරය පිරිසිදු කිරීම් කටයුතුවලින් පසු පිරිසිදු වතුර වීදුරුවක් බොන්නේ. මම ලස්සනට නිරෝගීව ඉන්න  ඕනේ කියලා හිතන නිසා කෑම බීම ගැනීමේදී නම් සැලකිලිමත්. මාංශ ආහාර ගැනීමට මම කැමති නැහැ. උදේට බොහෝ වේලාවටම මම ආහාරයට ගන්නේ කිරි සමග පිළියෙළ කර ගත් කෝන්ෆෙක්ස්.


නැත්නම් කුරක්කන් පාන් පෙති දෙකක් එක්ක තම්බා ගත් බිත්තරයක් උදෑසන ආහාරයට ගන්නවා. උදේට මම අනිවාර්යයෙන්ම යෝගට් සහ ජෙලි ගන්නත් පුරුදු වෙලා ඉන්නවා. ශරීරයේ උෂ්ණ බව නැති කරලා සිසිල් බව ඇති කර ගන්න යෝගට් සහ ජෙලි ඉතාම යෝග්‍යයි. ඒ වගේම කොමඩු අඹ, දෙළුම්, කෙසෙල් වගේ පළතුරු කිහිපයක් අවශ්‍ය ප්‍රමාණයට ගැනීමත් මම උදේට කරනවා.

දවල් කෑමට මම ගොඩක් ආසයි බ්‍රොකෝලියි වට්ටක්කයි තියෙනවා නම්. වට්ටක්කාවලට හම පැහැපත් වෙන නිසා හැමදාම වගේ දහවල් කෑමට වට්ටක්කා යොදා ගන්නවා. ඊට අමතරව කොළ මැල්ලූමක් එළවළු සලාද ආදියත් පුළුවන් වෙලාවට ආහාරයට එක් කර ගන්නවා.

කෑමට බොහෝ වෙලාවට එළවළු සුප් එකක් හෝ තම්බා ගත් එළවළු එක්කර ගන්නවා.

මේ හැමදේම එක්ක දවසට අවශ්‍ය ප්‍රමාණයට වතුර බොන්නත් අමතක කරන්නෑ. අනිත් දේ තමයි ව්‍යායාම. කොපමණ වැඩ රාජකාරි තිබුණත් ව්‍යායාම්වලට වේලාවක් මා දෛනිකව වෙන් කරනවා. ව්‍යායාම කරන්න බැරි වුණ දවසට මම කැමති සින්දුවක් දාලා ශරීරයට හොඳට දැනෙනකම් (වෝම් අප් වෙනකම්) නටනවා.


මේ හැම දේම එක්ක මම හිතනවා නිරෝගීකම ලැබෙන්න, තිබිය යුතු ප්‍රධානම දේ තමයි පිරිසිදුකම. ශරීරය පිරිසිදුව තියා ගන්න, මනසේ සිතුවිලි ලස්සනට තියා ගන්න එකයි කරන්න පුළුවන්නම් අපි ඉබේම ලස්නන වෙනවා කියලයි මට නම් හිතෙන්නේ.

 
නිවසේදීම ලස්සන වෙන්න ඔබ භාවිතා කරන දේවලූත් දැන ගන්න අපි කැමතියි?

සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න වගේම හිස කෙස්වල පෝෂණය සඳහා මම අලිගැටපේර මුහුණේ සහ ඇගෙයි කොණ්ඩෙයි ගාන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක හරිම ප්‍රතිඵලදායකයි.

ඊට අමතරව පුළුවන් වෙලාවට පොල් වතුර ටිකක් මුහුණේ ආලේප කරලා සෝදා දානවා.

සමේ ස්ක්‍රබ් කර ගන්න වගේ නම් කෝපි කුඩුවලට දෙහි ඉස්ම කිහිපයක් හරි, කිරි ස්වල්පයක් හරි දාලා පිළියෙළ කර ගන්න මිශ්‍රණයක් භාවිත කරනවා. ඊට අමතරව කාලයෙන් කාලයට මුහුණේ මතු වන පිම්පල් බ්ලැක්නෙට් වගේ දේවල්වලට ඊට ගැළපෙන ආලේපන ගැල්වීම කරනවා. ඒ කොහොම වුණත් පුළුවන් හැම වෙලාවකම ආලේපන නැතුව පිරිසිදුව ඉන්න තමයි මම ගොඩක් ආස.

 
විලාසිතා කිරීමට ආසද?

ඔව්. තරුණියක් ලෙසට වගේම මා නියැළෙන වෘත්තීන් දෙකේදී ප්‍රියමනාපව, ලස්සනට ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මා මට ගැළපෙන විලාසිතා කරනවා. බොහෝ විට මාගේ ඇඳුම්, නිර්මාණය කරන්නේ මමමයි.

 
ආලේපන ගැල්වීමෙන් රූපය ලස්සන කර ගන්න පුළුවන්ද?

ම්... මම හිතන්නේ නැහැ. අනවශ්‍ය විදිහට ආලේපන ගල්වන්න ගියොත් වෙන්නේ අපිට අපේ තියෙන ලස්සන නැති වෙන එක. චාම් බව සුන්දරයි කියලයි මගේ නම් අදහස.

 
ඔබට අද සියලූ දේ ලැබී තියෙන්නේ රූපය නිසාද?

නැහැ. ආර්ථික අපහසුතා රැසක් අතීතයේ තිබුණා. ඒ සියල්ල මා ජය ගත්තේ උත්සාහයෙන්, උනන්දුවෙන්, කැප වීමෙන් සහ ශෙරිල් කියන කෙනා තුළ තිබුණ නොසැලෙන ශක්තියෙන්. අද මා වටිනා කෙනෙක් වී තිබෙන්නේ මේ සියල්ලෙහි එකතුවෙන්.

ලස්සන නිසා මට වටිනාකමක් එකතු වී තිබෙන්නේ දෙවනුව. ලස්සනයි කියා හිතාගෙන නිකම්ම හිටියා නම් අද මා මෙතැන නොසිටින්නට තිබුණා.


ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?.

මම ජීවිතය දැක්කේ වගේම, මේ ලෝකේ මම වඩාත්ම ලස්සනට දැක්ක දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි මා මේ ලෝකයට බිහි කරපු අම්මයි මා අදහන ආගම අනුව ජීවිතයට හැමදාම ආශිර්වාදයක් වුණ දේව මෑණියන්.

 

කාන්තාවකට ඔබ දෙන පණිවිඩය කුමක්ද?

කාන්තාව කියන්නේ සුවිශේෂී චරිතයක්. ඒ චරිතය තුළ ඔබ හැමදාම ලස්සනට ඉන්න  ඕනේ. ඒ වගේම වටිනා කෙනෙක් විය යුතුයි. ඒ වටිනාකම එකතු කර ගන්න වෙහෙසිය යුතුයි. අවංකව ජීවත් වීම අංක එක.

පිරිසිදුකමත් පිළිවෙළත් කාන්තාවකට ආභරණයක් බඳු වෙන බවයි මගේ මතය.

 

අසුන්තා එදිරිසූරිය

ඡායාරූප - හසරංග පතිරණ
20191128Sheril-1
20191128Sheril-2
Image may contain: 1 person, standing
Image may contain: 1 person, standing
Image may contain: 2 people, people smiling, people standing, grass, child, outdoor and natureImage may contain: 1 person, outdoor
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top