Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 December 02
බොලිවුඩ් සිනමාවේ සිටින දක්ෂ ඇඳුම් නිර්මාණ ශිල්පියකු වන මනිෂ් මල්හෝත්‍රා පසුගිය සතියේ කාලය ගත කළේ ශෝකයෙන්. ඒ ඔහුගේ පියාණන් වන සුරාජ් මල්හෝත්‍රා දිවියෙන් සමුගත් නිසයි. මේ අවමඟුල් උලෙළට බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය කලාකරුවන් සහ කලාකාරියන් රැසක් ම සහභාගි වුණා. ප්‍රවීණ නිළි ජයා භච්චන් (අමිතාබ් භච්චන්ගේ බිරිඳ) තම දියණිය ශ්වේතා භච්චන් සමඟ සහභාගි වුණා. අවමඟුලට එක්ව සිටි කරන් ජොහාර්, කරීනා කපූර්, අයිශ්වර්යා රායි සහ සොෆී චෞද්රි වැනි කලාකරුවන් සහ කලාකාරියන් නිහඬව තම අවසන් ගෞරවය සුරාජ් මල්හෝත්‍රා මහතාට පුද කළා. නමුත්, ජයා භච්චන් නම් ඒ නිහඬ බව පවත්වාගෙන ගියේ නැහැ.
ජයා භච්චන් එහි රැඳී සිටි කැමරා ශිල්පීන් කිහිප දෙනෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටලී සිටියා. මේ කැමරා ශිල්පීන් අනෙක් බොලිවුඩ් නළු නිළියන් පැමිණෙද්දී ඡායාරූප ගත්තත්, කිසිම ගැටුමක් ඇති වුණේ නැහැ. නමුත් ජයාගේ ඡායාරූප ගනිද්දීයි, තත්ත්වය වෙනස් වුණේ. කැමරාවල විදුලි එළි නිකුත් වෙද්දී එයින් කෝපයට පත් වූ මේ ප්‍රවීණ නිළිය, ඔවුන් දෙසට හැරී දිගට හරහට බනින්න පටන් ගත්තා.
“ඔයගොල්ලන් මැනර්ස් කියල දෙයක් අහල නැද්ද? මේක ෆොටෝ ගන්න වෙලාවක්ද? මේක මළ ගෙයක් නේද? මේ වගේ සිද්ධියක් ඔයගොල්ලන්ගෙ ගෙවල්වල වුණොත් මෙහෙම හැසිරෙනවද? මටත් බලන්න ආසයි කොහොමද හැසිරෙන්නෙ කියලා.” ජයා භච්චන් මේ අයුරින් දොස් තබන විට, කලබලය කුමක්දැයි විමසන්නට අයිශ්වර්යාත් එතැනට දිව ආවා. විනාඩි කිහිපයකින් ඒ උණුසුම් තත්ත්වය පහවී ගිය බවයි, බොලිවුඩ් ආරංචි පැවසුවේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීත් ජයා, කැමරා ශිල්පීන් කිහිප දෙනෙකුට බැණ වැදුණු බව සමහරුන්ට මතක ඇති. එවැනි එක් උත්සව අවස්ථාවකට ඇය පැමිණෙමින් සිටියේ තම ලේලිය වන අයිශ්වර්යා රායි සමඟයි. දෙදෙනා පැමිණෙන විට කැමරා ශිල්පීන් සුපුරුදු ලෙස ක්‍රියාත්මක වුණා. ඔවුන් සියලු දෙනාටම අවශ්‍ය වුණේ අයිශ්වර්යාගේ රුව කැමරාවලට හසු කරගන්නයි. එක් කැමරා ශිල්පියෙකු ඒ මොහොතේ අයිශ්වර්යාට ‘අයිශ්’ යනුවෙන් අමතා, තම කැමරාවට මුහුණ දෙන්නැයි ඉල්ලා සිටියා. අයිශ්වර්යා සිනාසෙමින් ඔහු දෙසට හැරුණත්, ජයා භච්චන්ට නම් ඒ ඇමතුම ‘ඇල්ලුවේ’ නැහැ. ඇය වහාම ඒ කැමරා ශිල්පියා දෙසට හැරී, ‘මොකක්? අයිස්? ඔයා එහෙම කතා කරන්නෙ අයිශ්වර්යා ඔයාගෙ කවුරුයි කියල හිතාගෙන ද? අයිශ්වර්යා ඔයාගේ ක්ලාස්මේට් කෙනෙක්ද?” යනුවෙන් දොස් තැබුවා.
තවත් අවස්ථාවකදී තමන්ගේ ඡායාරූප ගන්නට ක්‍රියාත්මක වූ කැමරා ශිල්පියෙකුටත් ජයාගෙන් බැණුම් අසන්න සිදු වුණා. ඒ, මංගල උත්සවයකදීයි. එම සිද්ධිය බොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ ‘බොලිවුඩයේ වයසක කාන්තාව යළි බැණ වදියි’ යන හෙඩිම සහිතවයි.

Top