Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 02
601
Views
නිවුන් දැරියන් දෙදෙනෙකු ඇතුළු දියණියන් තිදෙනා හා සැමියා අතහැර වෙනත් තරුණයෙකු සමඟ ගිය 28 හැවිරිදි මවක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇතැයි කිරිඳිවැල පොලීසිය පවසනවා.
 
මෙම සිද්ධිය සම්බන්ධව පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරීක්ෂණයකට අනුව අනාවරණය වී ඇත්තේ එම තිදරු මව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයෙකු සමඟ මෙසේ ගොස් ඇති බවයි.

එම තරුණයා 26 හැවිරිදි වියේ පසුවන අයෙක්.
 
තිදරු මව දැරියන් තිදෙනා භාරගැනීම ප්‍රතික්ෂේප කොට ඇති අතර ඔවුන් දැනට පදිංචි නිවසින් පන්නා දමා අනියම් තරුණයා සමඟ එහි පදිංචි වීමේ සුදානමක් ද ඇති බව මෙහිදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
 
කෙසේ වෙතත් දැරිය හදාවඩා ගැනීම තමාට අමාරු බව පවසා ඇති ස්ථිර රැකියාවක් නොමැති එම පියා දැරියන් ළමා නිවාසයකට යොමු කරන මෙන් ද පොලිසියෙන් ඉල්ලා තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top