Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 02
1,639
Views
26 හැවිරිදි පශු වෛද්‍යවරියක් දූෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ඉමහත් කැළඹීමක් ඇති වී තිබෙනවා.

පසුගිය බදාදා රාත්‍රියේ හයිද්‍රාබාද් නුවරට තදාසන්න ශම්ෂාබාද් හිදී ඇය මෙලෙස ඝාතනය කර ඇත්තේ ලොරි රථ රියදුරන් සහ පිරිසිදු කරන්නන් සිව් දෙනෙක්.

එදින සන්ධ්‍යාවේ ඇය සිය යතුරුපැදිය නියමිත ස්ථානයේ නතර කොට සේවයට ගොස් නැවත රාත්‍රියේ පැමිණෙද්දී එහි ටයර් කපා තිබූ අතර, ඇයට උදව් කරන බව පවසමින් ලොරි රියදුරන් පශු වෛද්‍යවරිය පැහැරගෙන ගොස් ඇති බව සඳහන්.

සමූහ දූෂණයට ලක් කර පුළුස්සා ඝාතනය කර තිබූ ඇගේ සිරුර පසුව සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 20ත්, 26ත් අතර පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top