Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 02
532
Views

දකුණු කොරියාවේ තවත් K-Pop තාරකාවකගේ හදිසි අභාවයෙන් පසු, කර්මාන්තයේ නිරත තරුණ තරුණියන් මුහුණ දෙන දුෂ්කරතා වෙත අවධානය යොමුව තිබේ.

සයිබර් අවකාශයේ නිරන්තරයෙන් ඔවුන් විඳින හිරිහැරකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මෙන්ම, විශේෂයෙන්ම දකුණු කොරියාව තුළ දැවැන්ත K-Pop සංස්කෘතික බුබුලක් නිර්මාණය වී තිබීම ආදී කරුණු නිසා මෙම බොහෝ දෙනෙකුගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවිය යුතු බව කියයි.

ආසන්න වශයෙන් ගූ හාරා නමැති තාරකාව සිය දිවියෙන් සමුගෙන තිබුණු අතර, සූලි නමැති තාරකාවගේ මරණයෙන් සති හයක් ගෙවීයන තැන මෙම මරණය වාර්තා විය. ඒ අනුව, බොහෝ රසික රසිකාවියන්ද දැඩි ව්‍යාකූලත්වයකට මෙන්ම කෝපයකට පත්ව ඇති බව දකුණු කොරියාවෙන් වාර්තා වෙයි.

මෙම තාරකාවන් විසින් සමාජ සම්මතයන්ගෙන් පිට යමින් සිදුකළ හැසිරීම් මෙන්ම, ඔවුන්ගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ මත පැවතියත්, මෙය යම් ආකාරයක මානසික ව්‍යාධියක් බවටද මතයන් පවතී. සිය සංස්කෘතික හර පද්ධතීන් කඩා බිඳ දමමින් සිදුකරන ඔවුන්ගේ හැසිරීම් පිළිගන්නා පිරිසක් මෙන්ම, එය නොපිළිගන්නා පිරිසක්ද දකුණු කොරියාව තුළත් ඉන් පිටතත් වෙති.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top