Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 December 02
88
Views
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය විභාගය මධ්‍යස්ථාන 4,987කදී අද ආරම්භ වනවා.

එය මේ මස 12 වන දා දක්වා පැවැත්වීමට නියමිත අතර මෙවර විභාගයට අයදුම්කරුවන් හත්ලක්ෂ 17,008ක් පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ආපදා සහිත ප්‍රදේශවල විභාග අපේක්ෂකයින්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත ප්‍රකාශ කළා.

අපේක්ෂකයින් නිවැරදිව සහතික කළ විභාග අයදුම්පත්‍රය සහ ජාතික හැදුනුම්පත රැගෙන යාම අනිවාර්ය වන අතර ජාතික හැඳුනුම්පත නොමැති නම් වලංගු හැඳුනුම්පතක් රැගෙන යා යුතුයි.

විභාගය පෙරවරු 08.30 ට ආරම්භවන බැවින් පැය භාගයකට පෙර මධ්‍යස්ථාන වෙත අයදුම්කරුවන් පැමිණ සිටිය යුතු බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ලැඛෙන සෑම පැමිණිල්ලක් සොයා බැලීම සදහා විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා තිබෙනවා.

විභාගයට අදාළව කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් ඒ පිළිිබද ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ 0112784208, 0112784537 යන දුරකථන අංක හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුම්වත් කළ හැකියි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top