Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 27
1,552
Views
මාස තුනක කාලයක් තිස්සේ අති සාර්ථකව ප්‍රදර්ශනය වන සුදේෂ් වසන්ත අධ්‍යක්ෂණය කළ "හුස්ම" චිත්‍රපටයේ "තාරුකා විජේසිංහ" නම් ප්‍රධාන නිළි චරිතයට පණ පොවන චමත්කා ලක්මිණි, සමගින් කතා බහ කලෙමු. වෘත්තිය සිනමා නිළියක් ලෙස කටයුතු කරන චමත්කා, පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ ගීත රූප රචනා කිහිපයකද රංගනයෙන් දායක වූවාය.

“මම රංගනයෙන් දායක වුණ දෙවැනි චිත්‍රපටය මේක. පළමු චිත්‍රපටය තමයි නාලක විතානගේ මහත්මයා අධ්‍යක්ෂණය කළ "සරුංගල්" කියන චිත්‍රපටය. "හුස්ම" තිරගත වුණේ සැප්තැම්බර් 20. මාස තුනක කාලයක් තිස්සේ මේ චිත්‍රපටය අදටත් සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා. මම හිතන විදිහට "වැඩිහිටියන්ට පමණයි"කියන ලේබලය යටතේ චිත්‍රපටයක් මෑත කාලයේ ප්‍රදර්ශනය වුණු වැඩිම දින ප්‍රමාණය මේක.

හුස්ම චිත්‍රපටයෙන් පසුව සිනමාවෙන් තාවකාලිව ඈත්ව සිටින චමත්කා මේ දිනවල ශ්‍රී ලංකා සිනමා පාසලේ උපාධියක් හදාරමින් සිටින්නීය.

එමෙන්ම ඇය සිනමාවෙන් තාවකාලිකව ඈත්වීමටද තවත් හේතුවක් වූ අතර අපි ඒ ගැනද ඇයගෙන් විමසුවෙමු.

“ මේ වන විට මම ගැබිනියක්. ඒ නිසා තමයි සිනමාවෙන් තාවකාලිව ඈත් වෙලා ඉන්නේ. කොහොම වුණත් මම වසරකට එක් චිත්‍රපටයකට පමණයි සම්බන්ධ වෙන්නේ. ඒ තීරණය ගත්තේ මම සිනමාවට සම්බන්ධ වෙන්නත් කලින් ඉඳලා. දරුවා ලැබුණාම නැවතත් මම සිනමාවට එකතුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.*

"හුස්ම" චිත්‍රපටයට පෙර චමත්කා රංගනයෙන් දායක වූ සරුංගල් චිත්‍රපටයේ කළ රංගනය විශේෂ ඇගයීමකට ලක්වූ අතර, චමත්කා ඒ පිළිබඳව මෙලෙස අපට අදහස් දැක්වීය.

“"සරුංගල්" චිත්‍රපටයේ කළ රංගනයට මට ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ දක්ෂතා ඇගයීමකට ලක් වුණා. මම සිනමා නිළියක් විදිහට ඇගයීමට ලක්වූ පළමු අවස්ථාව ඒක. ඇත්තටම, මම කැමතියි මගේ දක්ෂතා එහෙම ඇගයීමකට ලක් වෙනවාට. ඒ වගේම එවැනි ඇගයීම් ලක්වෙන චරිත මට ලැබෙනවා නම්. %හුස්ම^ චිත්‍රපටයේ තාරුකා විජේසිංහ කියන චරිතය අභියෝගාත්මක චරිතයක්. අදටත් ඒ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර, විවෙචනවලින් අඩුවක් නැහැ. මම කැමතියි ජනප්‍රිය නිළියක් වෙනවාට වඩා චරිතාංග නිළියක් වෙන්න "

 

බුද්ධික සේනාධීර

  Image may contain: 1 person, outdoor
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top