Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 26
1,160
Views
ටික කාලයක් ඔබ මාධ්‍යයෙන් ටිකක් දුරස් වුණා. ඒ කාලයේ දී වැඩිපුරම කාලය යොමු කළේ අධ්‍යාපන කටයුතුවලටද..? නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද..?

ආරාධනා නම් ලැබුණා. හැබැයි මම ඒ කාලය තුළදී වැඩිපුරම මගේ හිත යොමු කළේ මගේ අධ්‍යාපන කටයුතුවලටයි. ජීවිතේ වෙච්ච දේවල් එක්ක මගේ උසස් අධ්‍යාපනය මගෙන් අතපසු වුණා. ඒ නිසා මේ කාලය ඇතුළත ඒ දේ මුලින්ම අවසන් කරන්න ඕනෙ කියලා හිතුවා. ඒ නිසා වෙන කිසිම දේකට යොමුවෙන්නෙ නැතිව මගේ උසස් අධ්‍යාපනයට හිත යොමු කළා. ඒ දවස්වල මම ගුරු වෘත්තිය වෙනුවෙන් පුහුණුවීම්වලට ගියා. ඒ නිසා වැඩිපුර කාලය ගෙවුණේ ඒ විදිහටයි.

 දිනක්ෂි, ශනුද්‍රි, ශේෂාද්‍රි.. තුන්දෙනාම ගෙදර ඉන්න වෙලාවට කාලය ගෙවෙන්නෙ හිනාවෙන් විහිළුවෙන්නෙ. ඒ දෙන්නත් එක්ක පාඩම් වැඩ ටික කර ගන්න අමාරු වුණේ නැද්ද..?

මෙහෙමයි.. මට හැමදේම සමබර කරගෙන කරන්න පුළුවන්. මට ගොඩක් මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ. ඒක අක්කියි නංගියි දන්නවා. පාඩම් කරද්දී ඒ දෙන්නා එහෙම කෑගැහුවෙ නැහැ. අක්කනම් මේ දවස්වල හරිම කාර්යබහුලයි. පහුගිය කාලෙදී එයා ලංකාවේ හිටියෙත් නැහැ. ශනූගෙන් වුණත් එහෙම වදයක් තිබුණෙ නැහැ.

ශේෂාද්‍රි.. ඇත්ත කියන්න.. වැඩියෙන්ම දඟ අක්කිද..? නංගිද..?

අම්මෝ.. දඟනම් නංගි තමයි. අක්කි හරි අහිංසකයි. නංගි අපි ඔක්කොගෙම ලොක්කා වගෙයි ඉන්නෙ. එයා තමයි ගෙදර බොස්. තාම එයා පොඩියිනෙ. ඒ නිසා අපි හැමෝම එයාට තැන දීලයි ඉන්නෙ. හැබැයි අක්කියි නංගියි හරිම හොඳයි.

පසුගිය කාලෙදී ජීවිතේ වෙච්ච ඇතැම් සිදුවීම් එක්ක හිත හදාගත්තෙ කොහොමද..?

ඇත්තටම මට හිත හදාගන්න ගොඩක් උදව් කළේ මම කරපු අධ්‍යාපන කටයුතුයි. මම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ළදරු පාසල් අධ්‍යාපන ක්‍රමය ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තෙත් කන්‍යා සොහොයුරියක් යටතෙයි. මම හිටපු පසුබිමත් එක්ක ඒ කන්‍යා සොහොයුරිය එක්ක වැඩ කිරීම මගේ හිත හදාගන්න ගොඩක් උදව් වුණා. සාමාන්‍යයෙන් අපි ගත කරන ජීවිතවලට වඩා කන්‍යා සොහොයුරියන් ගත කරන ජීවිත හරි වෙනස්. කන්‍යා සොහොයුරියන්ගේ උපදෙස්වලින් මම හිතාගෙන හිටපු සමහර දේවල් වෙනස් කර ගන්න මට පුළුවන් වුණා. මම ප්‍රශ්න ආවම ඒ ගැන හිතලා ගොඩක් දුක් වුණු කෙනෙක්. නමුත් ඒ හැම දුකකින්ම අයින් වෙන්න, හිත හදාගෙන වෙනස් ශේෂාද්‍රි කෙනෙක් වෙන්න මට පුළුවන්කම ලැබුණා. ඒ වගේම මම ඒ කාලෙ වැඩිපුරම කාලය ගත කළේ පොඩි බබාලත් එක්කයි. එයාලත් එක්ක ඉඳිද්දී හිතේ තියෙන දුක අමතකවෙලා යනවා. ජීවිතේට ආපු ප්‍රශ්නත් එක්ක හිතින් වැටිලා හිටපු තැනින් මට නැඟිටින්න ඒක ලොකු හයියක් වුණා.

 හිත හදාගන්න ගෙදරින් ලැබුණු හයියත් හරිම වටිනවා නේද..?

ඔව්.. ඇත්තටම. ඒ කවුරුවත් මාත් එක්ක ඒ කිසිම දෙයක් ගැන කතා කළේ නෑ. ගෙදර ඇතුළේ ඒ දේවල් මාත් එක්ක කතා නොකිරීම, ඒ අය නිහඬව ඉඳීම මගේ හිත හදාගන්න ලොකු හයියක් වුණා. ඇත්තටම මට ඕන වුණෙත් පැත්තකට වෙලා මගේ පාඩුවේ අධ්‍යාපනයට මුල්තැන දීලා ඒ කාලය ගත කරන්න. මාත් එක්ක කවුරුවත් ඒ ගැන කතා කරනවාට මම ආස වුණේ නැහැ.

 ඔබ අද හරිම සතුටින් ඉන්න කෙනෙක්... ජීවිතේට අලුත් විශේෂ කෙනෙක් එකතුවෙලාද ඉන්නෙ..?

ඉන්නවා. හැමදෙයක් ගැනම අපිට ස්ථිර කරන්න බැහැ. ජීවිතේ මොනවා වෙනවද කියලා අපි දන්නෙ නැහැනෙ. හරි කාලෙදී ඒ හැමදෙයක්ම ස්ථිර වෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ළදරු පාසල් ගුරුවරියක් විදිහට කටයුතු කරද්දී ජනප්‍රිය චරිතයක් විදිහට පොඩි දරුවන්ට ශේෂාද්‍රිව විශේෂ කෙනෙක් විදිහට දැනෙනවද..?

පොඩි දරුවන්ට එහෙම භේදයක් නැහැ. ඒක එයාලට ගාණක් නැහැ. ටීචර්ලා අඳුරගෙන කතා කරන වෙලාවල් තියෙනවා. හැබැයි මම කවදාවත් මගේ ජනප්‍රියත්වය කිසිම දේකට පාවිච්චි කරන්නෙ නැහැ. මට කරන්න තියෙන වැඩ හැමදේම මම කළා. ළදරු පාසලේ පුහුණුවීම් කරද්දී දවසේ වැඩ ඉවර වුණාට පස්සෙ රාක්ක හැමදේම පිහිදාලා, පිරිසුදු කරලා තියන්න ඕනෙ. ඒක මගේ වැඩවලින් එක කොටසක්. මම ඒ හැමදේම කළා. මම මෙයා ජනප්‍රිය කෙනෙක් කියලා කියනවාට කැමති නැහැ. සමහරදාට පොඩි බබාලගේ අම්මලා මම රඟපාපු චිත්‍රපටයක් පින්තූරයක් එහෙම පෙන්නපු දවසට පහුවදා පොඩි බබාලා ඒ ගැන මට කියපු දවස්නම් තිබුණා.

 ඉදිරියේ දී ආයෙත් ශේෂාද්‍රි රඟපාවිද..?

මම මෙතෙක් රඟපාපු චිත්‍රපට පහක් පමණ තිරගත වෙන්න තියෙනවා. මම කොහොමත් රඟපෑවේ අවුරුද්දකට එකක් හෝ දෙකක් වගේ තමයි. ඉදිරියේදීත් මගේ ගුරු වෘත්තියත් එක්ක පැටලෙන්නෙ නැතිව කරන්න පුළුවන්, නිවාඩු කාලෙදී රූගත කරන හොඳ චිත්‍රපටයක් ලැබුණොත් මම බාරගන්නවා. හැබැයි ඒ බාරගන්නෙත් හොඳට හිතලා බලලයි.

අලුත් ව්‍යාපාරයකටත් ඔබ අතගහලා කියලයි ආරංචිය..?

ඔව්.. මට ඉස්සර ඉඳන්ම චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා ටී-ෂර්ට් ප්‍රින්ට් කරන්න මම හිතුවා. දෙසැම්බර් මාසේ මගේ ඒ පොඩි ව්‍යාපාරය ආරම්භ කරන්න මම බලාපොරොත්තු වෙනවා.

 

  ► Text - Dishani  /   Pic - Sumudu
2019-09-18-ent-1268
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top