Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 26
1,027
Views
ලොවක් තම වසඟයට ගත් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ක්‍රිස් ගේල්.

ඔහු තම ක්‍රීඩා හැකියාවෙන් මෙන්ම විවිධ රංගනයන්ගෙන් ලොවපුරා ක්‍රීඩාලෝලීන් තම වසඟයට ගත්තා.

මේ වනවිට නැවතත් ඔහුවෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඒ ඔහු පිටිය මැද හඬාවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි.

ඇත්තෙන්ම ඔහු එම අවස්ථාවේ සිදුකරන්නේ විනිසුරුගෙන් LBW අවස්ථාවක් ඉල්ලා සිටීමයි.

නමුත් විනිසුරු ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සියල්ලන්ගේ මුවගට සිනාවක් එක්කරමින් කුඩා දරුවෙක් මෙන් පිටිය මැද සිය මුහුණේ ඉරියව් හඬා වැටෙන අයුරින් වෙනස් කළා.

ඔහු මෙලෙස හඬා වැටෙන අයුරු රඟ දක්වන්නේ දකුණු අප්‍රිකාවේ මේ වනවිට පැවැත්වෙන Mzansi සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී පසුගියදිනක පැවති තරඟයකදීයි.  

එහිදී Jozi Stars කණ්ඩායම වෙනුවෙන් සිය පළමු පන්දුවාරයේ ගේල්ගේ අවසන් පන්දුවට මුහුණදෙන්නේ Henry Davidsගේ පා ආවරණයේ පන්දුව වැදීමත් සමඟයි ඔහු මෙම ඉල්ලීම සිදුකරන්නේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top