Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 November 25
ලෝකයේම අවධානය දිනා ගනිමින් 2018 වසරේ ලෝක රූ රැජින ලෙසින් හිස ඔටුනු පැළඳි ඇය වෛද්‍ය නුවන්ධිකා ලක්මාලි සිරිවර්ධන ය. ඇය බස්නාහිර පළාතේ සෞඛ්‍යමය දිවිපෙවෙතක් සඳහා වූ තානාපතිනිය ලෙසින් ද කටයුතු කරයි. තමාට ආවේණික සුන්දරත්වයෙන් නිරූපණ ශිල්පිනියක් ලෙසින් ද කටයුතු කරනන් ඇයගේ ලස්සන රහස් දැනගන්නිමු.
ඔබ ඔබේ සුන්දරත්වය ආරක්ෂා කර ගන්න දෛනිකව කරෙන්නේ මොනවාද?
වෘත්තියෙන් වෛද්‍යවරියක් නිසා, පෞද්ගලිකව මට මගේ සුන්දරත්වය වෙනුවෙන් වේලාවක් සොයා ගැනීම අභියෝගයක්. නමුත් උදෑසන අවදි වූ සැනින් හෝ රාත්‍රී නින්දට පෙර පැයක කාලයක් මා වෙනුවෙන් යොදා ගන්නවා.
වෛද්‍ය වෘත්තියේ දී ඇතැම් දිනවල රාත්‍රී සේවාවේ යෙදුණාම නැවත පාන්දර හතර පමණ වන විට රාජකාරි ආරම්භ කළ යුතුයි. අනෙකුත් දිනවලත්, සේවාව ආරම්භ කළ මොහොතේ සිට අවසාන වෙනකම්ම සේවාව ලබා දිය යුතුයි. රාජකාරි බහුල වුණත් මා මුල් තැන දෙන්නේ නිරෝගී බව ආරක්ෂා කර ගන්න. නිරෝගීකම ආරක්ෂා කර ගැනීමේ දී අංක එක මානසික සෞඛ්‍යය, දෙක ශාරීරික සෞඛ්‍යය. හිතකර ආහාරපාන අවශ්‍ය ප්‍රමාණයට ගැනීම වගේම මා කරන ප්‍රධානම දෙය භාවනාව. මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගන්න හදවතේ සිතුවිලි පිරිසිදු කර ගන්න භාවනාව ඔසුවක්.
අඩුම තරමේ ආනාපාන සති භාවනාව හරි වැඞීමෙන් විනාඩි 10ක පමණ කාලයක් සිත එක අරමුණක පිහිටුවා ගත හැකි නම් ඉන් ලැබෙන මානසික සැනසීම විස්තර කරන්න බැරි තරම්.
ඊට අමතරව වතුර ගොඩක් බොන එකත් මගේ දිනචර්යාවේ කොටසක්. ජලය කියන්නේ ශරීරයේ සමායෝජනයට අත්‍යවශ්‍යම දෙයක්. සමට, ඇස් දෙකට, තොල්වල පැහැය ආරක්ෂා කර ගන්න වගේම සිරුරේ සියලූ කාර්යයන් නිවැරදිව ක්‍රියාත්මක වීමට ජලය අත්‍යවශ්‍යයි. කෑම ගැනීමේ දී රූපය ගැන හිතුවත්, රාජකාරියේ දී බොහෝ වෙහෙසෙන නිසා ඊට සරිලන විදිහට ශරීර ශක්තිය පවතින විදිහටත් ආහාර ගන්න සිදු වෙනවා. රූපය ලස්සනට තියාගන්න කාබෝහයිඩ්රේට් වැඩි ප්‍රමාණයක් දෛනිකව ආහාරයට ගත යුතුයි. එළවළු වැඩි ප්‍රමාණයක් මස් මාළු වැඩි ප්‍රමාණයකුත් සහ පළතුරු සාමාන්‍ය ප්‍රමාණයකුත් ගත යුතුයි. නමුත් රාත්‍රී සේවාවේ දී නිදි මැරීම වගේම, නොනවත්වා රාජකාරිවල නිරත වෙද්දී ශරීරය ගැන ලොකුවට හිතන්න වෙන්නේ නැහැ. පිෂ්ඨය අඩංගු ආහාර ගත යුත්තේ හරිම අඩුවෙන්. පිෂ්ඨය වැඩි වෙනවාත් සමග බඩ නෙරා ඒම සිදු වෙනවා. ඒ වාගේම මුහුණේ බෙල්ලේ හැඩ තල වෙනස් වී ඇස්වල ස්වරූපය පවා වෙනස් වීමට බලපානවා. ඇස්වල ඉදිමුණ ස්වභාවයක් ඇති වෙනවා.
ඒනිසා විශේෂයෙන්ම ශ්‍රී ලාංකික අපිට ජානවලින්ම මහත්වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙන නිසා, අපි පිෂ්ඨය අඩංගු දෑ ආහාරයට ගත යුත්තේ ඉතාම අඩුවෙන්.
තෙල් අඩංගු ආහාර, කෝලා පාන වර්ග මෙන්ම කෘත්‍රිම පාන වර්ග ගැනීම මම කරන්නේ නැති තරම්. සකස් කළ ආහාර ආදියත් අවශ්‍යම වේලාවක දී ගත්තොත් ඇරෙන්න මම එවැනි කෑමවලට කැමැති නැහැ.
ඔබ නියැළෙන වෘත්තිය අනුව දෛනිකව ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වෙනවාද?
ඔව්. කැම බීම ගැනීමේ දී නම් හරිම සැලකිලිමත්. උදේ කෑමට මම ගොඩක් වෙලාවට ගන්නේ බටර් ගාපු පාන් පෙත්තයි, බිත්තර සුදු මද දෙකයි. ඒ ආහාරයෙන් පසු මේද රහිත කිරිවලට ඕට්ස් මේස හැඳි දෙකක් දාලා ආහාරයට ගන්නවා. වේලාවක් තිබුණොත් එළවළු සලාදයක් වගෙත් ගන්න පුරුදු වෙලා ඉන්නවා.
මම දෛනිකව ‘කිවී’ පළතුර, චෙරි, නෙල්ලි, අඹ, දිවුල් සහ බේරි පළතුරු ආහාරයට ගන්නවා. මේ පළතුරුවලින් හම ලස්සන වෙනවා වගේම, ඇඟ මහත්වීම ආදියත් සිදු වන්නේ නැහැ. දවල්ට රාජකාරි බහුල නිසා බත් හැඳි දෙකක් එක්ක හාෆ් බොයිල් කරපු චිකන් කෑලි දෙකක් ආහාරයට ගන්නවා. නැත්තන් මාළු ආහාරයට ගන්නවා. මාළුවල තෙල් කෑලි නම් ආහාරයට ගන්නේ නැහැ. කුඩා මාළුත් ගුණයි.
රාත්‍රී ආහාරයට ගන්නේ බත් මේස හැන්දක් එක්ක බිත්තර සුදු මද දෙකක්. ආ තව ?ට මම කන්න ආසයි චිකන් දාලා හදපු එළවළු සලාදය. ? කෑමෙන් පසුවත් මම කන්න කැමැතිම පළතුරු ගන්න පුරුදු වෙලා ඉන්නවා.
අමතර බඩ ගිනි ආවාම බිස්කට් වර්ග, පිටි සහිත ආහාර ගන්නවා වෙනුවට මම කරන්නේ පළතුරු වර්ග ආහාරයට ගැනීම. අවශ්‍ය වුණොත් මේදය රහිත කිරි වීදුරුවක් බොනවා.
ස්වභාවිකව සම ලස්සන කර ගන්න මොකද කරන්නේ?
ස්වභාවික දේවල්වලින්, මම මගේ සුන්දරත්වය රැක ගන්න නිරතුරුවම වෙහෙසෙන කෙනෙක්. හම සුදු වෙන්න, හම ලස්සන වෙන්න කියලා කවදාවත්ම කෘතිම දේවල් ක්ෂණික දේවල් පාවිච්චි කරලා නෑ. නිවසේ දී යෝගට් හැඳි දෙකකට, දෙහි බිංදු කිහිපයක් දාලා, සුදු හඳුන් කුඩු ස්වල්පයක් මිශ්‍ර කරලා, මුහුණේ ගානවා. මෙය ස්වභාවික ආලේපනයක් ලෙසට භාවිත කරනවා.
ඊට අමතරව නැවුම් කිරිවලට රෝස වතුරයි, ආමන්ඞ් ඔයිල් ස්වල්පයකුයි එකට කලවම් කරලා එම කිරිවලින් සම පිරිමැදීම ටික වේලාවක් කරනවා. (ස්පෝන්ජ් කිරීම* මෙම ස්වභාවික ආලේපනයෙන් සමේ ඉරිතැලී යාම, සම රැළි වැටීම ආදිය නැතිවෙනවා. ඒ වාගේම සමේ වියළි ස්වභාවය නැති වී දීප්තිමත් බවක් ලැබෙනවා.
ඊට අමතරව කෝමාරිකා මදය, බේබි ක්‍රීම් ආදියත් සුළුවෙන් ඉඳහිට පාවිච්චි කරනවා.
තොල්වල රෝස පැහැය ආරක්ෂා කර ගැනීමට කොප්පරා වේලා නිවසේදීම සකසා ගන්නා ස්වාභාවික තෙල්වලට බීට්රූට් ඉස්ම කවලම් කරලා ආලේප කරනවා. එයටම කැමති නම් කැරට් ජූස් දමා ද දෙතොල්වල ආලේප කළ හැකියි. මෙමගින් දෙතොල්වල ස්වාභාවික රෝස පාට ආරක්ෂා වෙනවා.
ඇස් කළු පැහැ වී එන විට පිපිඤ්ඤා ඉස්ම ඇස් වටේ අලේප කරනවා. අල පෙති ඇස්වල තියා ගත්තාම ඇසේ විඩාබර ගතිය නැති වී ගොස් දීප්තිමත් බවක් දැනෙනවා. රාත්‍රියේ නිදි මරන අයට එහෙම අල පෙති සත්කාරය ඉතාම ප්‍රතිඵලදායකයි. විශේෂයෙන්ම ඇස් මේකප් කිරීමෙන් පසු නිවැරදිව ඉවත් නොකළොත් ඇස් කළුවීම ඉතාම සීග්‍රයෙන් සිදුවෙන්න පුළුවන්.
දෙපා අත්වල පිිරිසිදුභාවය වෙනුවෙන් මොකද කෙරෙන්නේ?
මම කවදාවත් මේකප් කරන්න, හෙයා ස්ටයිල් දාන්න හෝ කිසිම රූපලාවන්‍ය කටයුත්තකට සැලෝන් එකකට යන්නේ නැහැ. නමුත් දෙඅත් මෙන්ම පාදවල පිරිසිදු බව ආරක්ෂා කරගන්න මේනිකිව්, පෙඩිකිව් කර ගැනීමට නම් සැලොන් එකකට යන්න පුරුදු වෙලා ඉන්නවා. සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමේ දී දෙඅත් දෙපා පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් දෙයකි.
මේ ලෝකයේ ඔබ වටිනා චරිතයක් බවට පත් වී තිබෙන්නේ ඔබේ සුන්දර රූ සපුව නිසාම ද?
රූපය වාගේම අධ්‍යාත්මිකව මා අනුගමනය කරන පිළිවෙත් නිරතුරුවම මට ආශිර්වාදයක් වෙන බව මා සිතනවා. මා නිතර හිතන දෙයක් තමයි මේ ලෝකයේ මම වගේ ඉන්නේ මම විතරයි. මම සුවිශේෂී කෙනෙක් කියන එක. අපට අද තියෙන සුන්දරත්වය ගොඩනගාගත් සියලූ දේ දිනක නැති වී යන්න පුළුවන්. නමුත් අපි සියල්ල අවබෝධයෙන් දරා ගැනීමට හිත හදා ගත්තොත් ඒ ශක්තිය හරිම වටිනවා. මේ විශ්වයෙන් අප කරන යහපත් දෙයට විශාල බලයක් ගොඩ නැගෙනවා.
ඔබ නියැළෙන වෘත්තිය ඉතාම සතුටින් කරනවා නේද?
ඔව්. වෘත්තියෙන් වෛද්‍යවරියක් වීමට ලැබීම ගැන මම අනේක වාරයක් සතුටු වෙනවා. ඇත්තටම කරනා සේවාවට මාසික වැටුපක් ලැබුවත්, වෛද්‍ය වෘත්තිය කියන්නේ පිංකමක්. සුවයක් අවැසිව අප ඉදිරියට පැමිණෙන සෑම රෝගියෙකුගේම ඒකායන අධිෂ්ඨානය නිරෝගී බව ලැබීම. ඒ අයට බෙහෙත් කරලා සනීප වෙනවා දකිනට කොට හිතට දැනෙන්නේ මහා විශාල සතුටක්.
Top