Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 22
871
Views
කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ ජල නළ පද්ධතියේ සිදුකෙරෙන අලූත්වැඩියාවක් හේතුවෙන් අනිද්දා පෙරවරු 8 සිට පැය 24ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කටුනායක - සීදුව, ජාඇල නගර සභාව, වත්තල - මාබෝල නගර සභාවේ කොටසක් වන මාබෝල ප්‍රදේශයටයි.

එසේම, ජාඇල සහ වත්තල ප්‍රාදේශීය සභාවලට අයත් වැලිසර, කෙරවළපිටිය, දික් ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, පොල්ගහහේන, ජයශ්‍රීගම සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top