Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 22
923
Views
නව ආණ්ඩුව පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුව සිදුකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීම සිදුකෙරෙන බවයි ඔහු කියා සිටියේ.

පාර්ලිමේන්තුවේ සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීම සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා පැවැත්වෙන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කෙරෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

මේ අතර, විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳිමෙන් පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සම්බන්ධයෙන් පත් කිරීම සිදුකෙරෙන බවයි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි ඉල්ලා එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඊයේ ලිපියක් යොමුකළා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලමින් කතානායකවරයා වෙත ඊයේ දිනයේදී තවත් ලිපියක් භාර දෙනු ලැබුවේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුතුවයි.

පාර්ලිමේන්තුවේ මීළඟ සභාවාරය ලබන දෙසැම්බර් 3 වන අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top