Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 November 22
පුත්තලමේ ජීවත්වන අවතැන් වැසියන් බව පවසන පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරිම සඳහා මන්නාරම ප්‍රදේශයට රැගෙන යාමට ඊයේ දිනයේ ධුරයෙන් ඉවත්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යාංශයෙන් ලක්ෂ 95 ක් වැය කළ බවට මේවන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
අද සී.අයි.ඒ අනාවරණය මේ පිළිබඳවයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අධාර අනුබල යටතේ පුත්තලමේ ස්ථිර නිවාස සාදාගෙන මේවන විට ජීවත් වන පිරිස් අවතැන් වූ ජනතාව බව පවසමින් මන්නාරම ප්‍රදේශයට ඡන්දය භාවිත කිරීම සඳහා රැගෙන යාමට සූදානමක් ඇති බව පසුගිය 15 වැනිදා රාත්‍රියේ අනාවරණ වුණා.
ජනාධිපතිවරණය පැවැත්වෙන 16 වැනිදා අලුයම ලංගම බස් රථ 200කට වැඩි ප්‍රමාණයකින් ජනතාව රැගෙන යාමට සූදානමක් පවතින බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් චෝදනා කළේ.
ඡන්දය භාවිත කිරීමට පුත්තලමේ සිට මන්නාරම ප්‍රදේශය දක්වා මෙම ලංගම බස් රථ මගින් ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 95 කට අධිකයි.
එම මුදල කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශය හරහා ලබාදී ඇති බවටයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ලවන්නේ.
අදාළ අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්වූ රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අදාළ චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
Top