Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 21
1,174
Views

අලුත උපන් නිවුන් දරුවන් දෙන්නා තමන්ගේ සමලිංගික මිතුරු යුවලකට ලබා දීපු අරුම පුදුම අම්මා කෙනෙක් ගැන තමයි අද මේ කතාව කියන්න යන්නේ. මෙල් කියන මේ අම්මා පහුගිය දවසක වෙච්ච මේ සිදුවීම ගැන පහුගිය දවසක වැඩිදුරටත් පැහැදිලි කරන්න තීරණය කරලා තිබීම බොහෝ දෙනෙක්ගේ අවධානය ඇය වෙත යොමු වෙන්න හේතුවක් වුනා. 

ඒ වෙද්දීත් දෙදරු මවක් වුන මෙල් තමන් තවත් ගැබ් ගැනීමක් සැලසුම් කරන බව යහළුවන්ට කියද්දී ඔවුන් ඒ ගැන සතුටින් ප්‍රතිචාර දැක්වුවේ නෑ කියලා තමයි හැමෝම කියන්නේ. ඒ වෙනුවට ඒක පිස්සු වැඩක් කියලා හැමෝම කියන්න ගත්තා කියලා තමයි ඇය කියන්නේ.  

මෙය සාමාන්‍ය විදිහට පවුලට දරුවෙක් එකතු කරගැනීමේ සාමාන්‍ය සිද්ධියක් නොවුනේ ඒ වෙනකොටත් ඇයත් සැමියත් ඔවුන්ගේ පවුල සම්පුර්ණ වෙලා ඉවරයි කියලා තිරණයක හිටිය නිසා කියලයි ඇය නම් කියන්නේ.

එයට හේතුව වෙලා තියෙන්නේ ගුවන් සේවිකාවක් ලෙස ඇයගේ වැඩ කටයුතු තුළින් හමු වූ සමලිංගික යුවළක් වෙනුවෙන් මේ නිවුන් දරුවන් කුසේ තබාගෙන මේ ලෝකෙට බිහිකරලා නැවතත් ඔවුන්ට ලබා දීමට එකඟත්වය පළකිරීමක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. 

දරුවන් කුස තුල සිටින මාස 9 අවසානයේ මේ පුංචි ගැහැණු දරුවන් දෙන්නා සමලිංගික යුවල වෙත ලබාදීම ගැන සිතමින් ඔවුන් අසීමිත ලෙස දුක් වෙන්න ගත්තා කියලා තමයි මේ අම්මා වැඩිදුරටත් කියන්නේ. කොහොම වුනත් මේ වෙද්දී ඒ පුංචි පැටවූ දෙන්නා ඔවුන්ගේ තාත්තලා දෙන්නා එක්ක රෝහලෙන් පිටවෙලා ගිහිලා තියනවා.

"මම හිතන්නේ ඒ අවස්ථාවේ හැඟීම් මාව යටපත් කළා. දරු ප්‍රසුතියේදී හෝර්මෝන කියන දේ ගොඩක් බලවත්. ඇත්තටම මම අඬන්නේ ඇයි කියන එකවත් පැහැදිලිව මට කියාගන්න බැරි වුනා. එත් අන්දන එක නතර කරගන්න පුළුවන් කමක් මට නැහැ." දරුවන්ගෙන් වෙන් වීමේ වේදනාව මේ අම්මා ප්‍රකාශ කරන්නේ ඒ විදිහට.   

"දරුවන් දෙන්නාගෙන් වෙන්වීම ගැන මට දුකයි ඒත් ඒ කාර්යේදී මම 100% සාර්ථකව මට කරන්න පුළුවන් හැමදේම කළා කියලා විශ්වාසයි.ඒ වගේම මම දරුවන් ගොඩක් හදාවඩා ගෙන තිබෙනවා. දරුවෝ එහෙම තමයි එනවා යනවා. මගේ පුංචි අක්ලෙත් මට මේ අත්දැකීමම තියනවා. කැපකරු මවක් වන මම  ක්‍රේග්ට සහ පෝල්ට උදව් කිරීමට ඇත්තටම පෙලඹනේ දරුවන් ලැබීමට සෑම කෙනෙකුටම අයිතියක් තියන නිසා බව කිවයුතුමයි" යනුවෙන් 38 හැවිරිදි මේ මව මෙල් අවසාන වශයෙන් පවසනවා. 

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top