Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 21
239
Views
අවුරුදු තුනයි මාස හතරක දැරියක් ඝාතනය කර පාළු ළිඳකට දමා ඇතැයි ගල්නෑව පොලිසිය පවසයි.

ගල්නෑව පොලිස් බලප්‍රදේශයේ මිදෙල්ලෑව පදිංචි අවුරුදු තුනයි මාස හතරක් වයසැති දැරියක් අතුරුදහන්ව ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව ගල්නෑව පොලිසිය පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ළිං පතුලේ පොහොර උරයකට දමා තිබූ දැරියගේ සිරුර සොයා ගන්නා ලදී.

අසල්වාසී පදිංචිකාරියක වන සැකකාරියක් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කළ විට ඇය දැරිය ඝාතනය කර පොහොර උරයකට දමා ගැට ගසා නිවස අසල ළිඳකට දමා ඇති බව අනාවරණය විය.

ළිඳේ ජලය ඉවත් කර ළිං පතුලේ පොහොර උරයේ තිබූ දැරියගේ සිරුර ගල්නෑව පොලිසිය විසින් ගල්නෑව රජයේ රෝහලට රැගෙනවිත් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දැරිය මියගොස් ඇති බව තහවුරු කරගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ සියඹලෑව පදිංචි නාරායන පටබැදිගේ නෙතුම්‍යා නේතිනි නමැති දැරියකි.

ගල්නෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ජයවීර, අපරාධ අංශයේ ස්ථානාධිපති ටී.එම්.සී.පී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top