Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 21
669
Views
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේදී ජනපති ධුරයේ දිවුරුම්දීම පිළිබඳව බෙහෙවින් අගය කරන බව බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ සියලූ රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය වෙනුවට රාජ්‍ය ලාංඡුනය ස්ථාපිත කිරීමට පියවර ගැනීම අතිශය ප්‍රශංසනීය පූර්වාදර්ශයක් බවයි.  

රටට ආදරය කරන රට ගැන ආඩම්බර වන, රට ගැන නිවැරදි දැක්මක් ඇති ජනාධිපතිවරයාට තුන්රුවනේ රැකවරණය ලැබේවායි ප්‍රාර්ථනය කරන බවද බුද්ධශාසන කාර්ය මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.

එම කාර්ය සාධක මණ්ඩලයේ සභාපති පූජ්‍ය දිවියාගහ යසස්සි හිමියන් සහ එහි සම ලේකම්වරුන් වන පූජ්‍ය ත්‍රිකුණාමලය ආනන්ද හිමියන් සහ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top