Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 20
1,299
Views
අලෙවිකරුවෙකුට තම වෙළෙඳපොළ ස්ථාවරත්වය රඳවා ගැනීමට හා තම භාණ්ඩය හෝ සේවාව ප්‍රවර්ධනයට අත්‍යවශ්‍ය වන්නේ අන් අය සිතනවාට වඩා වෙනස් සිතිවිල්ලක් පමණි.ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳපොළ ආක්‍රමණයේ රහස එයයි. ඔවුන්ගේ අලෙවිකරණ සන්නාමය පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට ඔවුන් යොදා ගත් එකම උපක්‍රමය වෙනසක් පමණි. ඔවුන්ගේ පාරිභෝගියන් ඒ භාණ්ඩයේ හෝ සේවාවේ උන්මත්තකයන් කළේද ඒ වෙනස යි.
 
 ෆේස් බුක් එසේත් නැතිනම් මුහුණු පොතේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ලෝකය පුරා ජනතාව සමාජ ජාලාවක උන්මත්තකයන් කළේ ද ඒ වෙනස් සිතිවිල්ලෙනි. මේ වන විට ෆේස් බුක් යනු රටේ බලකේන්ද්‍රීය ආයතනයන්ට පවා අභියෝගයට ලක් කරන්නා වූ සමාජ ජාලයක් වන අතර සකර්බර්ග් ලෝකයේ බිලියනපතියන් අතරට ඔසවා තැබූ ව්‍යාපාරයකි.
 
 බුකී වාසීහු මෙන්ම සියලු සයිබර් ජීවීන් දන්නා පරිදි මර්ක් සකර්බර්ග් යනු ඉතාමත් සරල ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු මෙන්ම පවුල් ජීවිතය තුළ ආදරණීය සැමියෙකු හා පියෙකි. එය බොහෝ විට ඔහු පළකරන ඡායාරූප සහ සකර්බර්ග් මුල් කරගෙන තැනුණු පෝස්ට් ලෙසින් සංසරණය වේ.මේ ලිපිය ලිය වෙන්නේ ද ඔහු ආදරණිය සැමියා ගේ භූමිකාවේ සිට නිර්මාණය කර ඔහුගේ නවතම සොයාගැනීම සම්බන්ධයෙනි.පසුගිය සති කිහිපය වන විට මෙය ලෝකයේ වැඩිම අවධානය ලැබූ නවෝත්පාදනයක් විය.
 
 ඒ සකර්බර්ග් තම බිරිඳ වන ප්‍රිචෙලා චාන් ගේ රාත්‍රී සුව නින්ද පතා නිර්මාණය කළ “Sleep Box” එසේත් නැතිනම්” නිදි පෙට්ටිය” යි.ඒ පිළිබඳ සකර්බර්ග් තම ඉන්ස්ටර්ගෑම් පිටුවේ සඳහන් කලේ මෙලෙසය.” අපට දරුවන් සිටින නිසා ප්‍රිසිලා ට රාත්‍රිය පුරා නිදාගැනීමට අපහසු විය.ඇය අවදි වී ඇගේ දුරකථනයෙන් වෙලාව පරීක්ෂා කර බලා නැවත නින්දට සැරසෙන්නේ තවත් නිදා ගැනීමට ඇති වේලාව ගැන සිතා ආතතියෙනි.ඒ සඳහා මම “ නිදි පෙට්ටිය “ යන දේ ගොඩනැගුවෙමි.එය උදෑසන 6-7 ත් අතර ඉතා අඳුරු සියුම් ආලෝකයක් නිකුත් කරයි.එය ඇය දුටුවහොත් එය අවදි වීමට සුදුසු වේලාව බව දැන ගනී.ඒ නිසා චෑන් වෙහෙසට පත් වන්නේ නැත.නිරන්තරයෙන් දුරකථනයෙන් වේලාව පරීක්ෂා කිරීම ට ද අවශ්‍ය නැත.”
 
 සකර්බර්ග් සොයා ගත් මේ ස්ලීප් බොක්ස් නොහොත් නිදි පෙට්ටිය දළ වශයෙන් සෙන්ටිමීටර 1ක් මේසය මතුපිටින් ඉහළට ඔසවා ඇති අතර,එම පෙට්ටිය උදෑසන 6-7 ත් අතර මෘදු ආලෝකයක් විමෝචනය කරයි. එමගින් උදෑසන අවදි වීමට නියමිත වෙලාව පිළිබඳ සංඥාවක් පමණක් ලබා දේ. ජංගම දුරකථනයේ මෙන් වේලාව සටහන් වී නොපෙනෙන නිසා තවත් නින්දට ඉතිරි පැය ගණන සිහිපත් කර නැවත නිදාගැනීමේ දී වන ආතතිය ඇති නොවන නිසා මනසට හිතකරය. මෙය ප්‍රායෝගිකව ඉර එළිය නොවැටෙන යුරෝපා රටවලට යෝග්‍ය වන අතර අපට අවශ්‍ය පරිදි අවදි වන වේලාව වෙනස් කර ගත හැකිය. මෙය ඇඳ අසල මේසයක පහසුවෙන් තැබීමට ද හැකිය.නවතම පරීක්ෂණවලින් ද පැවසෙන්නේ වයස් සීමාවකින් තොරව රාත්‍රී කාලයේ සෑම දෙනාම පැය 7-8ත් අතර කාලයක් නිදාගත යුතු බවය. එමෙන්ම එලාම් සීනුව නාද වීමත් සමඟ නැගිට නැවත නිදා ගැනීමෙන් පවා ලැබෙන්නේ තත්ත්වයෙන් අඩු සරල නින්දක් බවය. මේ සඳහා ඉතා සරල විකල්පයක් ලෙස ස්ලීප් බොක්ස් හඳුන්වා දිය හැකිය.වේලාව නොපෙනෙන නිසා මනසට වන ආතතිය ද ලිහිල් වේ.සකර්බර්ග් තම බිරිඳගේ සුව නින්ද පතා තැනූ මේ කුඩා උපාංගයම මේ වන විට වෙළෙඳපොළ තුළ ඩොලර් ගණනින් ඔහුට මුදල් උපයා දෙන්නක් බවට පත්වී ඇත.මෙය වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ Kickstarter (මනස අවදිකරන්නා,ප්‍රබෝධමත් කරන්නෙකු) ලෙසිනි.
 
 මෙයින් අප සිතා බැලිය යුත්තේ අප ගෙවන එදිනෙදා ජීවිතය තුළම සිතෙන වෙනස් සිතිවිල්ලකින් කොපමණ වෙනස් නිර්මාණ බිහිකරහැකිද යන්නයි.අවශ්‍ය වන්නේ,වෙනස් ආකාරයකට සිතීම පමණි.
 
 අනෙක් කරුණ නම් පුරා සකර්බර්ග්ගේ මුහුණු පොතට ලොග් වී නින්ද කඩාගන්නා අපටම සකර්බර්ග්ම සුව නින්දක් ලබා දීමට ලබන උත්සහයයි. ඒ කෙසේ නමුත් අපි අගය කළයුත්තේ ඔහුගේ ඒ වෙනස යි. අප අසුවන්නේ ද ඔහුගේ ඒ අලෙවිකරන වෙනසටයි.
 
 නෙතුනි තාරිකා
 කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රීපාලි මණ්ඩපය (ජන මාධ්‍ය අධ්‍යනාංශය)
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top