Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 19
1,564
Views

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී  ලංකා සම්භවයකට හිමිකම් කියන වමත් දඟපන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ඕස්ට්‍රේලියා මාෂ් එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී අනතුරකට මුහුණ දී තිබේ. 

බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරන ඒගාර් දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කැරන් ඕල්ටන් ඕවල්හිදී පසුගියදා පැවැති තරගයකදී ඔහුගේම බාල සහෝදරයාගේ උඩපන්දුවක් රැක ගැනීමට තැත් කළ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දුන්නේය. මිඩ් ඕන් කලාපයට තරමක් පහතින් පැමිණි උඩ පන්දුව රැකගැනීමට ස්ථානගත වීමේදී පාදය ඉදිරිපසට ලිස්සා යෑම හේතුවෙන් වේගයෙන් පැමිණි පන්දුව ඔහුගේ අව් කණ්ණාඩි යුගලේ ගැටීමත් සමඟ නාසය හා හිස අතර තරමක කැපුම් තුවාලයකට ලක්ව තිබේ. 

කෙසේ නමුත් ඒගාර් මෙම අනතුරට මුහුණදීමත් සමඟම ඔහුගේ බාල සහෝදරයා වන වෙස්ලි ඒගාර් දැඩි කම්පනයට ලක්වන අයුරු වීඩියෝ පුනරූපණවලින් දැකගැනීමට හැකි විය. ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව ඒගාර් පිටියෙන් ඉවත් වූ අතර එම කණ්ඩායමේ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන නමුත් ප්ලාස්ටික් සැත්කම් වෛද්‍යවරයකුට ඔහුව යොමු කිරීමට නියමිත බවයි. ඒගාර්ගේ පියා ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන අතර ඔහුගේ මව ශ්‍රී  ලංකා කාන්තාවකි. 26 හැවිරිදි ඇෂ්ටන් ඒගාර් ටෙස්ට් තරග 4කදී, එක්දින තරග 9කදී හා විස්සයි-20 තරග 21කදී ඕස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති නමුත් ඔහුගේ සහෝදරයා වන 22 හැවිරිදි වෙස්ලි ඒගාර් තවමත් ජාත්‍යන්තර වරම් දිනාගෙන නොමැත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top