Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 18
964
Views

ජෙනිෆර් ලෝපෙස් හෙවත් ජේ ලෝ (J Lo) බටහිර සංගීත ලෝලීන් සහ සිනමා ලෝලීන් අතර ඉතා ජනප්‍රිය තාරකාවක් බව රහසක් නොවේ. ඒ ඇයගේ ගීතවල සහ රඟපෑම්වල ඇති ආකර්ෂණීයත්වය නිසායි. කෙසේ නමුත් පසුගිය දිනවල ජෙනිෆර් ගැන මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වූයේ ඇගේ කලා කටයුතු නිසා නම් නොවේ. ඉතා අපූරු සමාජ සේවා කටයුත්තක් නිසායි. මෙම කටයුත්තට සම්බන්ධ වී තිබුණේ ඇය පමණක් නොවීමද තවත් විශේෂත්වයක් වුණා. ජෙනිෆර්ගේ අලුත් ආදරවන්තයා වන ඇලෙක්ස් රොඩ්රිගෝස්ද ඇය සමඟ මේ සඳහා දායක වී තිබුණා. 

මේ දෙදෙනා එක්ව සිදු කළ සමාජ සේවා කටයුත්ත නම් ඇමෙරිකාවේ ටෙනසි නමැති ප්‍රාන්තයේ පිහිටි ප්‍රාථමික පාසලක ඉගෙන ගන්නා කුඩා දරුවන්ට වසරක් පුරා අවශ්‍ය වන ආහාර තම වියදමින් ලබා දීමට පියවර ගැනීමයි. ඔවුන් දෙදෙනා මේ සඳහා පෙලඹී තිබුණේ එම පාසලේ එක්තරා ගුරුවරියක ඇයගේ ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනක් කියවීමෙන් පසුවයි. ජැක්ස්බොරෝ ප්‍රාථමික පාසල ඉතා කුඩා වයසේ දරු දැරියන් ඉගෙනුම ලබන පාසලක් වන අතර එහි ඉගැන්වීම් කටයුතු කරන බෘෘක් ගොයින්ස්  නමැති ගුරුවරිය ඇගේ ෆේස්බුක් පිටුවෙහි ලියා තිබුණේ  නිතරම වාගේ කුසගින්නේ පාසලට එන කුඩා දරුවකු ගැනයි.

මෙම ගුරුවරියගේ සටහනට අනුව පෙනී ගියේ පාසලේ සේවය කළ යම් කාන්තාවක් ඒ වනවිටත් ඉඳහිට මෙම දරුවාට පාසල් කාලය තුළ දී ආහාර ලබා දෙමින් සිටි බවයි. නමුත් ටික දිනක් මෙම කාන්තාව නොපැමිණි විට අර දරුවා ගුරුවරියගෙන් ඒ ගැන විමසා තිබෙනවා.  ඒ වනවිට ගුරුවරිය දරුවාගේ සැබෑ ප්‍රශ්නය ගැන දැන සිට නැහැ.  ගුරුවරිය පවසා ඇත්තේ එම කාන්තාව නැවත එන දිනයක් හරියටම කියන්නට බැරි බවයි. එවිට දරුවා පවසා ඇත්තේ ඔහුගේ ගෙදර කෑම නැති බව සහ කුසගින්නේ සිටින බවයි.

'මම එතකොට ඇහුවා මොනවටද වැඩියෙන්ම කැමැති කියලා. ස්පැගටිවලට කැමැතිද කියලත් ඇහුවා. එතකොට ඔහු මා දිහා බලා ඉ¼දලා කිව්වා ඒවා ගෙදරදි නිතරම කන්න ලැබෙන්නෙ නැහැ කියලා. අහම්බෙන් හරි ලැබුණොත් එදාට හොඳට බඩ පිරෙන බවත්, හොඳට නින්ද යන බවත් කිව්වා.' බෘෘක් ගොයින්ස් නමැති ගුරුවරියගේ සටහනේ එසේ සඳහන් වුණා. දරුවා එසේ කී විට  තමාට දැඩි දුකක් දැනුණු බවයි ඇය තවදුරටත් ලියා තිබුණේ. තමාට ඒ අවස්ථාවේ හැඟීම් පාලනය කරගත නොහැකි වූ බවත්, පන්තියේ සියලුදෙනා ඉදිරියේ තමුන්ට හැඬුම් ආ බවත් ඇය පවසනවා. කුඩා දරුවන් කුසගින්නේ සිටීම කිසිවිටෙකත් සිදු නොවිය යුත්තක්  බැව් තමා විශ්වාස කරන බව ඇය සටහන් කර තිබුණා. කෙසේ හෝ වේවා, මෙම සිද්ධියෙන් පසු බෘෘක් එම පාසලේ තවත් ගුරුවර ගුරුවරියන් පිරිසක් සමඟ එක්ව මුදල් ටිකක් එකතු කරගෙන ඊළඟ සති කිහිපය සඳහා දරුවාට ආහාර ලබා දී තිබෙනවා.

45,000කට කිට්ටු පිරිසක් කියවා තිබූ මෙම අනුවේදනීය ෆේස්බුක් සටහන ජෙනිෆර්ටත් කියවන්නට ලැබුණු අතර ඇයද පවසා තිබුණේ එය කියැවූ විට තමාගේ ඇස්වලටද කඳුළු පිරුණු බවයි. තමා පමණක් නොව ඇලෙක්ස්ද එයින් දැඩි ලෙස කම්පනයට පත් වූ බව අෑ පවසනවා.  ඇයත්, ඇලෙක්සුත් එම අවස්ථාවේම බෘෘක්ට වීඩියෝ ඇමතුමක් ගෙන ඇය සහ දරුවන් සමඟ කතා කළ බව ජෙනිෆර් සඳහන් කර තිබුණා. 'ජැක්ස්බොරෝ පාසලේ දරුවන් සහ ගුරුවරියන්ගේ කතාව ගැන දැනගත්තම අපිට හිතුණා අපි වහාම යමක් කළ යුතුයි කියලා. රසවත්, පෝෂ්‍යදායී ආහාර රස විඳින්න හැම දරුවකුටම අයිතියක් තිබිය යුතුයි. 

මේ මාසයේ මම ගත කරපු සුන්දරම අවස්ථාව මෙයයි. මේක  අපට කරන්න  ලැබුණු වැදගත්ම දේවල්වලින් එකක්' ජෙනිෆර්  ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සඳහන් කර තිබුණා. ඇය සහ ඇලෙක්ස් විසින් ගන්නා ලද පියවර නිසා ඉදිරි වසරක කාලය තුළ ජැක්ස්බොරෝ පාසලේ දරුවන්ට ආහාරවලින් අඩුවක් නොවනු ඇති.

ඇමෙරිකානු රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මිලියන 6කට කිට්ටු ළමයින් සංඛ්‍යාවක් ආහාර පිළිබඳ ගැටලුවලින් පීඩා විඳිනවා.

 

සනත් වික්‍රමගේ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top