Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 15
925
Views

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන්ටා ක්ලැරීටා නුවර උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් සිසුහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් තිදෙනෙක් තුවාල ලැබූහ.

ඊයේ (14) ඇමෙරිකාවේ නව පාසල් වාරය ආරම්භ විය. වෙඩි තැබීම සිදුවූයේ සෝහග් උසස් පාසලේය. ඒ, පාසල ආරම්භ වී මිනිත්තු කීපයක් ගතවෙද්දීය. වෙඩි තැබීම කළේ අවුරුදු 16 ක් වයසැති පාසලේ සිසුවෙකි. තුවාල ලබා සිටි ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

‘සෝහග් උසස් පාසලේ වෙඩි තැබීමක් සිදුවුණු බව අපට ආරංචි වුණේ උදෑසන 7.38 ටයි. මිනිත්තු දෙකක් ඇතුළත විශේෂ පොලිස් කණ්ඩායමක් පාසලට ගියා’ යැයි මාධ්‍ය හමුවක් පවත්වමින් ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් (පොලිස් ප්‍රධානියා) ඇලෙක් විලියෙනෝවා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

පොලිසිය නිලධාරීන් පාසල වට කර ඇතුළට යද්දී වෙඩි පහරවලට ලක් වුණු සිසු දරු දැරියන් හය දෙනකු සිටිනු දැක ඇත. තුවාල ලැබූ එම පිරිස ගිලන් රථ ගෙන්වා කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත් බව ද පැවැසෙයි. රෝහලට ගෙනයද්දී මියගොස් ඇත්තේ අවුරුදු 16 සිසුවියක සහ අවුරුදු 14 ක සිසුවෙකි. තුවාල ලැබූ අනෙක් තිදෙනා අතර අවුරුදු 15 සිසුවියක, 14 සිසුවියක සහ අවුරුදු 14 සිසුවෙකු සිටින බව පොලිස් ප්‍රධානියා පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේය.

‘වෙඩි තැබීම කළ අවුරුදු 16 ක් වයසැති සිසුවා තුවාල ලබා සිටිද්දී අප අත්අඩංගුවට ගත්තේ. ඔහු වෙඩි තැබීම කර ඇත්තේ ඔහුගේ 16 වැනි උපන් දිනය දවසේ බව අපට දැනගන්න ලැබුණා. වෙඩි තැබීම කළ සිසුවා නැතැනියෙල් බර්හවු බව පොලිසිය මාධ්‍ය වෙත පවසා ඇත.

සිද්ධිය දුටුවන් පවසන ආකාරයට මෙන්ම, පාසලේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති ආකාරයට පාසලට ඇතුළු වන නැතැනියෙල් බර්හවු ඔහුගේ පාසල් බෑගය තුළ වූ පිස්තෝලය අතට ගෙන සිසුන් පස් දෙනාට වෙඩි තබයි. ඉන්පසු නැතැනියෙල් දිවි නසා ගැනීමේ අදහසින් වෙඩි තබා ගනී.

වෙඩි ප්‍රහාරයෙන් නැතැනියෙල් මියනොගිය අතර, මේ වනවිට ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව ද පැවැසෙයි. නැතැනියෙල් වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ කැලිබර් 45 අර්ධ ස්වංක්‍රීය පිස්තෝලයකි. පොලිස් නිලධාරීන් නැතැනියෙල්ගේ නිවස පරීක්ෂා කරමින් සිටින බවත් වෙඩි තැබීමේ සිදුවීම ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් පොලිස් ප්‍රධානී ඇලෙක් විලියෙනෝවා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.

වෙඩි තැබීම සිදුවෙද්දී සෝගස් පාසලේ සිසුන් පමණක් නොව, ගුරුවරුන් ද මහත් සේ බියට පත් වුණු බව පැවැසෙයි. ඇතැමුන් පංති කාමරවල දොරවල් වසා මේස යට බියෙන් සැඟවුණු බව පැවැසෙයි. වෙඩි තැබීම සැලවීමත් සමඟ සෝගස් පාසල අසල පිහිටි සෙසු පාසල්වල සිසුන් සහ ගුරුවරු මහත් සේ බියටත් කලබලයටත් පත් වූහ. බියෙන් තැතිගත් මාපියන් පාසල් ඉදිරියේ පොරකන්න වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

සැන්ටා ක්ලැරීටාහිදීය (ඒ.එෆ්.පී.)

Image result for AMERIKA SCHOOL GUNSHOT CALIFORNIA 16 YEAR OLD BOY

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top