Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 15
1,501
Views

නිරෝෂා... ඔයාට අසේලව මුලින්ම මුණගැහුණ කාලය මතකද..?

අම්මෝ... ඔව්... අයියාව (නිරෝෂා තාමත් අසේලට කතා කරන්නේ අයියා කියලයි.) මට මුලින්ම මුණගැසුණේ ඉස්කෝලේ යන කාලේදියි. එතකොට මම ඉස්කෝලේ දහය වසරේ. මෙයා මාව බස් එකේදී දැකලා තිබුණා.
ඔන්න ඔහොම නිරෝෂා අසේල ගැන එහෙම කියද්දී ළඟ හිටපු අසේලගෙන් ඒ සුන්දර අතීතය ගැන අහන්නත් අපි අමතක කළේ නැහැ.

අසේල... නිරෝෂාව මුලින්ම දකිද්දී විශේෂත්වයක් තිබුණාද?

ඔව්... එදා මම මගේ යාළුවෙක් එක්ක බස් එකේ ගමනක් ගියා. හදිස්සියේම පාරේ අයිනේ තනියම හිටගෙන හිටපු ගෑනු ළමයෙක්ව දැක්කා. හැබැයි ඒ ගෑනු ළමයාගේ මොකක්දෝ අහංකාර පෙනුමක් මම දැක්කා. ඒ නිසා මම මගේ ළඟ හිටපු යාළුවගෙන් “අර කවුද කියලා ඇහුවා. බලද්දී ඒ ගෑනු ළමයා මගේ යාළුවෙක්ගේ නෑදෑයෙක් වෙනවා. ඒ වගේම නිරෝෂා හිටියේත් අපේ ගෙවල් ළඟම තමයි. හැබැයි මම මුලින්ම දැක්කේ එදායි.

ඊට පස්සේ අසේල මේ ගෑනු ළමයා ගැන හොයන්න පටන් ගත්තද?

ඔව්නේ... ඒ වෙලාවේ පටන් මම මේ අහංකාර කෙල්ල ගැන හොයන්න පටන් ගත්තා. ගෙවල්වල වැඩ ඔක්කොම නවත්තලා මම මේ සෙවීමේ මෙහෙයුම දියත් කළා. නිරෝෂා ක්ලාස් යන වෙලාව හොයාගෙන මම කොහොම හරි බයිසිකලයකුත් හොයාගෙන මෙයා පස්සෙන් ගියා. සමහර දවස්වල මෙයාට මාව දැනෙද්දී මෙයා මාව කට් කරලා ක්ලාස් ගියා.

නිරෝෂා... පස්සෙන් ආපු මේ පිරිමි ළමයා ඇත්තටම වදයක් වුණාද?

අයියෝ ඔව්... මළ වදයක්... සමහර දවස්වලට මගේ මූණටම මුණගැහෙණවා. මම ඉතින් වෙන පාරකින් ක්ලාස් යනවා. අපේ පාරේ බස් එක ගියා. සමහර දවස්වලට මම බස් එකේ නගින්නේ නැතිව පයින් ගෙදරම ගියා. සමහර දවස්වලට ගේ ළඟටම ඇවිදගෙන ඇවිත් මෙයාගෙන් බේරෙන්න ආයෙත් බස් එකේ නැගලා ටික දුරක් ගිහින් බැහැපු වෙලාවලුත් තිබුණා. අපේ ගෙදර ඉඳන් ප්‍රධාන පාරට යන්න පාරවල් දෙක තුනක් තියෙනවා. ඉතින් මෙයාව මඟහරින්න මම ඔය පාරවල් පවා දවසින් දවස වෙනස් කළා.

පස්සෙන් එන පිරිමි ළමයා ගැන නිරෝෂාගේ යාළුවෙක්ටවත් කිව්වේ නැද්ද?

නැහැ... මට එහෙම අපේ ගෙවල් ළඟ ඉඳන් ක්ලාස් යන්න, ඉස්කෝලේ යන්න යාළුවෙක් හිටියේ නැහැ. මම තනිවම තමයි ගියේ. ඒ නිසා මේ පස්සෙන් එන පිරිමි ළමයා ගැන කියන්න මට යාළුවෙක් හිටියේ නැහැ.

පස්සෙන් ආපු පිරිමි ළමයා නිරෝෂාට ආදර යෝජනාව ගෙනාවේ කොහොමද?

මෙයාගේ යාළුවගේ නංගි කෙනෙක් අපේ අක්කාගේ පන්තියේ හිටියා. එයා හරහා තමයි මෙයා “මම කැමතියි කියලා යෝජනාව කළේ. හැබැයි ඒ ගැන අක්කා දැනගෙන හිටියේ නැහැ. 

ඇත්ත කියන්න නිරෝෂා.. ඒ යෝජනාව එනකන් බලාගෙන හිටියා නේද...? අසේල ගැන පුංචි ආදරයක් ඔය වෙද්දී ඔය හිතේ තිබුණා නේද...? රූපයකුයි තෑගි කළා. ඒක එවලා තිබුණේ අර මගේ අක්කාගේ යාළුවගේ අතෙයි. ටික දවසක් ඕක ගෙදර හොරෙන් තියාගෙන ඉඳිද්දී අර රෝස මල මගේ අක්කාට අහුවුණා. මගේ අක්කයි මායි අවුරුද්දක පරතරයක් තමයි තියෙන්නේ. අපි දෙන්නාගේ කිසිම රහසක් තිබුණේ නැහැ. ඉතින් අර මල දැකලා මගේ අක්කා ඇඬුවා. මට මේ දේ කියපු නැති එක එයාට දුක හිතුණා. ඒ නිසාම අඬිල්ලෙන් “මේ මොන දුකක්ද... මේ නිසා මගේ අක්කත් අඬනවනේ. කියලා මම ඒ සම්බන්ධය නැවැත්තුවා.

බොහෝම අමාරුවෙන් ඇති කරගත්ත ආදරය සති දෙකකින් නතර වෙද්දී අසේලට මොකද හිතුණේ?

මට හිතාගන්නවත් බැරි වුණා.. නිරෝෂා මට ලියුමක් එවලා තිබුණා.. ඒ ලියුමේ තිබුණේ එයාගේ ප්‍රධාන අරමුණ වුණේ නර්තනය නිසා ඒ හරහා ලංකාවේ හොඳ නමක් හදාගන්න ඕනේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන නිසා මේ දේවල් නවත්වමු.. කියලයි. ඒ වෙලාවේ ඇත්තටම මගේ පපුව හෝස් ගෑවුණා. මට හිතාගන්නවත් බැරි වුණා. මම ඒක බොහෝම අමාරුවෙන් දරා ගත්තා. මම එයාගේ හීන දිනාගන්න ඕන හැම දෙයක්ම එයා වෙනුවෙන් කළා.

20191113Nirosha-(2)ඒ හිත දිනාගන්නද අසේල නැටුම් ඉගෙන ගත්තේ...?

ඔව්නේ... නිරෝෂා ඒ කාලේ ප්‍රදීපා මිස් ළඟ නර්තනය ඉගෙන ගන්නවා. අවුරැදු දෙකක් ප්‍රදීපා මිස්ගේ පන්තියේ ගෑනු ළමයි ඉස්සරහ මායි මගේ යාළුවෙකුයි නැටුවා. ඇත්තටම ඒ වෙද්දී නැටුමක එක අඩියක්, තාලයක් මම දැනගෙන හිටියේ නැහැ. මේ කොල්ලා ආදරයක් නිසා නැටුම් ඉගෙන ගන්න ඇවිත් කියලවත් ප්‍රදීපා මිස් දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම මම එතනට ගියේ ආදරය කරන්නත් නෙමේ. හැබැයි මට නිරෝෂාගේ මූණ බලන්න ඕන වුණා. ඒ නිසාම නැටුම් පන්ති ගියා. ඒ වගේම යෞවන සමාජයක් පිහිටවලා මෙයාගේ අක්කලාවත් ඒකට එකතු කරගෙන එයාලා හරහා නිරෝෂාවත් ඒකට බඳවා ගත්තා. ඊට පස්සේ තමයි මම අක්කාට ආයෙමත් මෙයා ගැන කිව්වේ.

නිරෝෂා.. නැටුම් පන්තියට මුලින්ම අසේල ඇවිත් හිටපු දවසේ මොකද හිතුණේ?

මට හිතාගන්නවත් බැරි වුණා. අපි නටන තැන සෝෆා එකක් තියෙනවා. ඒක එහාට මෙහාට කරන්නේ අපි තමයි. ඊට කලින් දවසේ ෂෝ එකක් තිබුණා. ඔය වෙද්දී මගේ හොඳම යාළුවා ඕක දැනගෙන හිටියා. ඔය අතරේ මම තනි පුටුවක් උස්සගෙන බැල්කනියට යද්දී මෙන්න මෙයා බැල්කනියේ හිටියා. ඇත්තටම මට හිතාගන්නවත් බැරිවුණා. මට ඒ වෙලාවේ පුටුවෙන් දමලා ගහන්න හිතුණා. (ඔන්න ඔහොම නිරෝෂා කිව්වට අසේල ඇත්තටම නිරෝෂාට ආදරය කරනවා කියලා එයාට හිතුණලු) මම පුටුවත් පැත්තකින් තියලා මගේ යාළුවා ළඟට ගිහින් “ඒ... මාර වැඩේ මෙයා පන්තියටත් ඇවිල්ලානේ.. කියලා කිව්වා. මොනවා කරන්නද. මිස්ට කියන්න ගියේ නැහැ. මම මගේ පාඩුවේ නටාගෙන හිටියා.

ටික දවසකට පස්සේ යෞවන සමාජයෙන් ආයෙත් හඳුනගත්තු අසේල ආයෙත් අක්කාගේ මාර්ගයෙන් නිරෝෂාට යෝජනාව ගෙනාවම ඇත්තටම නිරෝෂා යෝජනාවට කැමති වුණාද?

ඔව්... යෞවන සමාජයෙන් අපි නිතර මුණගැහුණා. ඔය වෙද්දී “අසේල හොඳ කෙනෙක් කියලා අක්කට මම කියලා තිබුණා.. ඉතින් යෞවන සමාජයේ වැඩත් එක්ක අසේල නිතර නිතර අපේ ගෙදර ආවා. ආයෙත් අයියා මගෙන් මේ ගැන අහද්දී “ඔයා ගෙදරින් අහන්න කියලා මම අයියාට කිව්වා. මෙයත් ගෙදර ඇවිත් කෙලින්ම මේ ගැන ඇහුවා. එතකොට අයියාට හරිහමන් රස්සාවක් තිබුණේ නැහැ.

හරිහමන් රස්සාවක්වත් නැතිව ගෙදරකට ගිහින් නිරෝෂා ගැන අහන්න තරම් ඔය හිතේ තිබුණ ආදරේට පුළුවන් වුණා නේද අසේල...?

ඔව්නේ... මම කොහොම හරි ඒ හයිය හිතට ගත්තා. නිරෝෂාව මගේම කරගන්න මට ඕනවුණා. හරිහමන් රස්සාවක් නොතිබුණාට ඒ මව්පියන් මුණ ගැහෙන්න මගේ හිතේ හයිය තිබුණා. ඔය වෙද්දී අපේ ගෙදරිනුත් මේ සම්බන්ධය ටික ටික දැනගෙන ගිටියා. හැබැයි අපේ ගෙදරිනුත් මම මේ අස්සේ ගෙදරින් ගිහින් කෙලින්ම අහාවි කියලානම් හිතන්න නැතිව ඇති. මම නිරෝෂාගේ මව්පියන්ගෙන් ගිහින් අහද්දී “ජොබ් එකක් ඕනේ නේද? කියලානම් ඇහුවා. “මම ජොබ් එකක් හොයාගන්නම් මම කොහොම හරි නංගිව සතුටින් තියන්නම් කියලා ඒ මව්පියන්ට පොරොන්දු වුණා. ඒ වචන ටිකෙන් ඒ මව්පියන් මවා විශ්වාස කළා. ඒ විශ්වාසය අදටත් උපරිමයෙන් රකිනවා. පසුව මම රැකියාවල් දෙක තුනක්ම කළා.

නිරෝෂා... ඒ ආදරය ආයත් අලුත් වුණාට පස්සේ අසේල දීපු මුල්ම තෑග්ග මතකද?

ඔව්... අසේල මට හරි ලස්සන චූටි කොණ්ඩ කටු දෙකකුයි, අතේ දාන මුතු පාට වළල්ලකුයි දුන්නා. මෑතක් වනතුරැම ඒක මගේ ළඟ තිබුණා. හැබැයි අසේලට මුලින්ම මම දීපු තෑග්ගනම් මට මතක නැහැ.

20191113Nirosha-(3)විවාහය සිදුවුණේ කොයි කාලේදීද...?

2008 වසරේ දී තමයි අපි විවාහ වුණේ (ඒ විස්තර ඔන්න කිව්වේ නම් නිරෝෂා) අපි දෙන්නා යාළුවෙලා අවුරුදු හතකින් විතර තමයි විවාහ වුණේ. අපි දෙන්නාටම ලොකු විවාහ උත්සවයක් ගැනීමේ ලොකු හීනයක් තිබුණේ නැහැ. අපි දෙන්නාගේම පවුල් දෙක එකතුවෙලා අපි පොඩි විවාහ උත්සවයක් ගත්තා.

විවාහ වුණාට පස්සේ ටික කාලයකින් අසේල රුකියාවකට විදේශ ගත වුණානේ..? ඒ දැනුණු පාළුව..?

විවාහ වෙන්නට කලින් අපි යාළුවෙලා හිටපු කාලේදී තමයි මුලින්ම අසේල විදෙස් ගත වුණේ. ඇත්තටම එදා නම් මට ගොඩාක් දුක හිතුණා. ගොඩාක් පාළුවක් දැනුණා. දරාගන්න බැරි මොකක්දෝ හිස් බවක් දැනුණා. අද වගේ ඒ කාලේ හැමවෙලේම කෝල්ස් ගන්න බැහැ. වීඩියෝ කෝල්ස් නැහැ. ඉතින් මෙයා ස්කයිප් හරහා කෝල් එකක් ගන්නකම් මම බලාගෙන ඉන්නවා. විවාහ වෙලා අවුරුද්දකට විතර පස්සේ තමයි ආයෙත් අයියා විදෙස් ගතවුණේ. හැබැයි යාළුවෙලා හිටපු කාලේදී ඒ ගිය ගමන හිතට තදින්ම දැනුණා.

නිරෝෂාව නිළියක් කළේ අසේල කියලයි ආරංචිය?

ඔව්.. ඒක ඇත්ත... මම නර්තනය විතරයි කරමින් හිටියේ. නර්තනය කරපු මම නිළියක් වුණේ අසේල නිසායි. “ඔයාට රඟපාන්න පුළුවන්නේ. කියලා මෙයා මාව වෙළෙඳ දැන්වීම් කිහිපයකට එක්කගෙන ගියා.

තමන්ගේ බිරිඳ නිළියක් වෙනවාට බොහෝ සැමියන් අකමැතියි. ජනප්‍රිය නිළියක් විවාහ වුණාට පස්සේ බොහෝ සැමියන් මේ රංගන ක්ෂේත්‍රයෙන් ඉවත් කර ගන්නවා. එවැනි වටපිටාවක අසේල නිරෝෂාව රංගනයට එකතු කරන්න හිතුණේ ඇයි...?

ඇත්තටම නිරෝෂාගේ හැකියාව මම දැනගෙන හිටියා. ඒවගේම නිරෝෂා ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. අදටත් එහෙමයි. මේ කලාවේ වටපිටාව හැමදේම මම එයාට පෙන්නුවා. ඒ දේවල් කියලා දුන්නා. හරි මාර්ගය යාම එයාට අයිති වුණා. අපි දෙන්නාගේ විශ්වාස මත තමයි මේ ගමන යන්නේ.

අද චූටි දුවෙක් ඔය දෙන්නා අතරට එකතුවෙලා තියෙනවා. මොකද හිතෙන්නෙ..?

ගොඩාක් සතුටුයි. දුව ඉපදුණේ මේ අවුරුද්දේ ජූනි මාසේ. දුවගේ නම ඕජි ඖරංගනී. ඒ ජීවිතේ හරි අපූරුයි. මම මේ ටිකේ ගෙදර ඉන්න නිසා දුව එක්ක වැඩිපුර ඉන්නේ. නිරෝෂා දවසේම බබා එක්කයි. රෑට නින්දක්වත් නැහැ. අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපකිරීම මම දැක්කා. නිරෝෂාගේ අම්මලාත් අපේ ගේ පිටිපස්සේ ඉන්නේ. ඒ හැමෝගෙන්ම සහයෝගය ලැබෙනවා. දැන් චූටි දුවට අපි දෙන්නාව හොඳට හුරැයි.

නිරෝෂා... අසේල එක්ක චූටි දුව එක්ක ගතකරන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

මට හරි සතුටුයි. “අනේ මම අම්මා කෙනෙක් නේද කියලා චූටි දුව දිහා බලලා සමහරදාට මම තනියම කල්පනා කරනවා. අසේල චූටි දුව එක්ක හුරතල් වේවී ඉන්න විදිහ දැක්කම මගේ හිතට හරි සතුටක් දැනෙනවා.
ඔන්න ඔහොම කියවද්දී අසේලත් ඒ කතාවට අඩුවැඩිය එකතු කළා...

අම්මා සහ දුව අතර තිබෙන බැඳීමත් හරි අපූරුයි. දුව ලොකු වෙලත් අම්මගෙයි දුවගෙයි තියෙන සම්බන්ධතාවය හරියට යාළුවෙක් වගේ තිබෙනවා නම් ඒක කොයිතරම් හොඳද? අපි දෙන්නා අපේ චූටි දූ ලොකුවෙනකම් බලාගෙන ඉන්නේ. එතකොට අපි දෙන්නාගේ මේ ලෝකේ තිබෙන අත්දැකීම් එයා එක්ක බෙදාගන්න අපිට පුළුවන් වේවී. 

 

► Text - Dishani  /  Pic -Internet

20191113Nirosha-(4)20191113Nirosha-(5)20191113Nirosha-(6)20191113Nirosha-(7)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top