Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 14
527
Views
බාල වයස්කාර දරුවෙකු අපයෝජනය කළ බව කියන වියපත් පුද්ගලයෙකු නැලවගමදි අද(14) අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහළ හල්මිල්ලැව, නැලවගම පදිංචි 60 හැවිරිදි විවාහකයෙකි.
 
අපයෝජනයට ලක්වූ බව කියන දරුවා 13 හැවිරිදි  වියේ පසුවන්නකු බවද, මෙම දරුවාගේ මව විදෙස්ගතව ඇති බවද, ඔහු සිය මිත්තණියගේ නිවසේ සිට පාසල් යන එන බවද පොලිසිය කියයි.
 
සැකකරු මෙම දරුවා සිය නිවෙසට කැඳවා මුදල් ලබාදී කිහිප අවස්ථාවකදීම අපයෝජනය කර ඇති බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
 
සැකකරු අද(14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top