Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 14
609
Views

රජයේ ප්‍රතිපත්ති සමාජ ජාල තුළ විවේචනය කළ නිසා පසුගිය ඔක්තෝබර් මාසයේදී මරා දැමුණු 21 හැවිරිදි බංග්ලාදේශ සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

අබ්රා ෆහාඩ් නමැති බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුවා අමානුෂික පහරදීමකින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහුගේ සමාජ ජාල තුළ රජය විවේචනය කළ පෝස්ටු ප්‍රචාරය කිරීම මෙම ඝාතනයට හේතු විය.

කෙසේ වෙතත්, මෙම සහෝදර සිසුවාගේ ඝාතනයත් සමග බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ විය.

පොලීසිය පවසන්නේ අත්අඩංගුවට පත්වූවන්ගෙන් 11 දෙනෙකු මෙම ඝාතනයට සෘජුවම සම්බන්ධ බවට චෝදනා එල්ල වන අතර, සෙසු පිරිස ඊට සහාය වී ඇති බවයි.

මෙසේ චෝදනා එල්ල වී ඇති පිරිසෙන් වැඩිදෙනා බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගයේ සාමාජිකයන් බව හඳුනාගෙන ඇත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top