Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 13
1,361
Views
උපතින් ආබාධිත මේ ක්‍රිකට් ක්‍රීඩකයා මේ වන විට මුළු මහත් ඉන්දියාවේම ආදරය දිනාගෙන සිටිනවා කිව්වොත් හරි. තමන්ට උපතින්ම උරුම වුණු "ශාරීරික වෙනස" ගණනකට නොගෙන අන්‍යයන් මෙන් ආකාසේ පිහිනන්න තනන මේ දඩබ්බරයා නමින් ශන්කර් සජ්ජාන්.
 
ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් එක්සත් අරාබී එමීර් රජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන, T10 තරඟාවලියේදී අපේ කතානායකයාත් Delhi Bulls කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වෙනවා.

ඒ, පිතිකරුවන්ගේ පුහුණුවීම් සඳහා පන්දු යවන්නෙකු හැටියටයි. (Net Bawler)
 
කොහොම වුණත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන විදිහට මේක ශන්කර්ගේ පළමු විදෙස් සංචාරයලු. මේ තරඟාවලිය සඳහා ආරාධනා ලැබෙන විටත් ඔහුට විදෙස් ගමන් බලපත්‍රයක් හෝ නොතිබුණු බව සඳහන්.
 
ඇත්තෙන්ම ඔහුට ඉංග්‍රීසි භාෂාවත් යන්තමින් හැසිරවීමේ හැකියාව පවතිනවා. මේ නිසාම මෙම සංචාරය රසවත් අත්දැකීම් වනු ඇති බවයි ඔහු කියන්නේ.
 
"මම බලාපොරොත්තු වුණේ නැහැ මේ වගේ අවස්ථාවක් එයි කියලා. නමුත් හදිසියේ එය සිදු වුණා. ඒ වගේම මට දැන් විදෙස් ගමන් බලපත්‍රයකුත් තිබෙනවා.." ඔහු පවසනවා.
 
"මට තේරීම් ලිපිය ලැබෙද්දි බලපත්‍රයක් හදාගන්න හරියටම දින දෙකක් පමණයි තිබුණේ. වීසා එක ලබාගන්න තවත් දවසක් ගතවුණා. කොහොම වුණත් මම වහාම ඩුබායි ගමනට සුදානම් වුණා.."
 
"රටින් පිටට යන මගේ පළමු සංචාරය. ඇත්තටම මම පාන්දර 3.30ට අවදි වුණා. උදේ 7 ගුවන් ගමනට පැය දෙකකට කලින් ගුවන් තොටුපළේ සිටිය යුතුයි.."
 
"මට මගේ විදෙස් ගමන් බලපත්‍රයත්, ටිකට්පතත් ලැබුණා. ඊටපස්සේ මම දන්නවා ගුවන් යානය කොහෙද තියෙන්නේ කියලා. ඒත්.. මම ටිකක් කලබල වුණා. ඉතින් මම කෙනෙක්ගෙන් ඇහුවා, ‘Sir, where is the flight gate’ කියලා. කොහොම හරි අවසානයේ මම ඒක හොයාගෙන ගුවන් යානයෙන් ඩුබායි බලා ගියා.."
 
සෑම අභියෝගයක්ම භාරගැනීමට සුදානමින් ඉන්න මේ යෞවනයා, තමන් ලැබූ අසම්පූර්ණ පෙනුම ගැන කිසිවිටකත් පසුතැවිලි වූයේ නැහැ.
 
ඔහු කියන විදිහට දැනටමත් ඔහු කර්ණාටක ප්‍රාන්තයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්ව සිටිනවාලු.
 
කොහොම වුණත් ශන්කර්ගේ ලොකුම ආසාව දිනයක ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන එක බවයි ඔහු සඳහන් කරන්නේ.
 
Lakshan


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top