Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 November 13
613
Views
යාපනය, කන්කසන්තුරය සිට යාපනය දක්වා ගමන්ගත් යාල්දේවී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු අද (13) උදෑසන මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

යාපනය නාවලර් මාර්ගයේ හින්දු කාන්තා විද්‍යාලය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදියක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිය දුම්රියේ ගැටී විසි වී ගොස් ඇති අතර, වයස අවුරුදු 31 ක් වූ එම්.නිශාන්තන් නැමති යතුරු පැදිකරු අදාළ ස්ථානයේදීම මියගොස් තිබේ.

මිය ගිය තරුණයා දුම්රිය පැමිණීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකර දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුරට සිදුවී ඇතැයි පොලිසිය සැක පළ කරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top